රාජිත, එස්.බී, කිරිඇල්ල SAITM කොටස් හිමියන්දැයි සැකයක්!

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය එස්.බී දිසානායකට හා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ට සයිටම් ආයතනයේ කොටස් හිමිකාරීත්වයක් ඇතැයි සැක කරන බව දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.
අද (13) පැවති එම සංවිධානයේ මාධ්‍ය හමුව පවත්වමින් ඒ මහා මෙම අදහස් පළ කළේය.
ගිවිසුමක් අත්සන් නොකර එකඟතා ලියවිල්ලක් මත නෙවිල් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ගිණුමට බැර කර ඇත්තේ එවැනි සම්බන්ධයක් නිසා දැයි ඔහු ප්‍රශ්න කර සිටියි.
ඡාවාරම්කරුවන් ලෙස මොවුන් නෙවිල් ප්‍රනාන්දු මහතාට බැංකුව හරහා මුදල් ලබා දෙන බවත් ඉන් පසු බැංකු වාරිකය හා බැංකු අයිරාව ගෙවා දමන බවත් මහජනයා විසින් රෝහල නඩත්තු කර වසර 10ක් අවසානයේ රෝහලේ බදු කුලිය ලෙස රුපියල් මිලියන 300 බැගින් නෙවිල් ප්‍රනාන්දුට ලබා දීමේ කූඨ ගනුදෙනුවක් සිදු කරන බවටද සමරසිංහ මහතා චෝදනා කරයි.
බැඳුම්කර හොරු ආරක්ෂා කරන ආකාරයට මෙම සයිටම් ආයතනයද ආරක්ෂා නොකරන ලෙස අගමැතිවරයාගෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද වසන්ත සමරසිංහ මහතා පවසයි.
මහජන මුදල් කොල්ලකමින් සෙල්ලම් කිරීම වහාම නවතා දැමිය යුතු බවද ඔහු අවධාරණය කළේ ය.
නෙවිල් ප්‍රනාන්දු මහතා ලබා ගත් මිලියන 2,466න් 2011 සිට මේ දක්වා ගෙවා ඇත්තේ මිලියන 500ක් පමණක් බවත් එයද ණයක් ලෙස පියවමින් තිබෙන බවත් මේ වනවිට මිලියන 2,265ක හිඟයක් පවතින බවත් මෙම මුදල් ගෙවීම සඳහා මහජන මුදල් අවභාවිතා කර ඇතැයිද වසන්ත සමරසිංහ මහතා චෝදනා කරයි.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරොධී මධ්‍යස්ථාන‍යේ කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා, සමස්ත ලංකා හෙදසේවා සංගමයේ ජාතික සංවිධායක එස්.පී. මැදිවත්ත මහාතා, සමස්ත ලංකා බැංකු සේවක සංගමයේ සභාපති, දූෂණ විරෝධී හඬ සංවිධානයේ විධායක සභික ගාමිණි රත්නසිරි මහතා ඇතුළු පිරිසක්ද ඊට එක්වී සිටියහ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *