රතුපස් වල සිද්ධිය යට ගැසීමේ තවත් සැලැස්මක්!

පැවති මහින්ද රාජපක්ෂ රජයේ ආරක්ෂක ලේකම්වරයාව කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ නියෝග යටතේ සිදු වූ බව කියන ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව රස පරීක්ෂකරවරයා වෙත යැවූ ගිනි අවි 40 පාවිච්චි කර නොමැති බවට රජයේ රස පරීක්ෂකවරයා දන්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) අධිකරණයට දන්වා ඇත.
මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටින යුද හමුදා සාමාජිකයින් දෙදෙනා ලබන 04 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත කන්නංගර මහතා නියෝග කර තිබේ.
මෙම ඉලක්ක ගත වෙඩි තැබීමෙන් පාසල් සිසුන් ඇතුළු තරුණයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පිරිසකට තුවාල සිදු විය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.