ඇමති බදියුදීන් ඇතුළු මුස්ලිම් නායකයින් පල්ලි ඉදිකිරීමේ බලය මුස්ලිම් අමාත්‍යංශයකට ඉල්ලයි

මුස්ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යංශයට ඇති බලතල ඉන් ඉවත්කොට ඒ සම්බන්ධ බලය මුස්ලිම් කටයුතු සම්බන්ධ අමාත්‍යංශයටකට පවරන ලෙසට වු යෝජනාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු මුස්ලිම් නායකයින් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පසුගියදා(26) ඉදිරිපත්කර ඇත.
ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි විසින් ජනාධිපතිවරයාගෙන් මීට පෙර කර තිබූ ලිඛිත ඉල්ලීමකට අනුව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ,රවුෆ් හකීම් හා අසාද් සාලි යන අය විසින් ජනාධිපතිවරයා සමග මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර මේ කරුන සම්බන්ධයෙන් සලකා බලන බව ජනාධිපතිවරයා විසින් එහිදී ප්‍රකාශ කොට ඇත.
අන්තවාදී කණ්ඩායම් විසින් මුස්ලිම් ජන කොටස ඉලක්ක කර කරනු ලබන යම් යම් ක්‍රියාකාරකම් පිළිබඳව මුස්ලිම් ජනතාව දැඩි සංවේගයට පත්ව ඇති බවත් මෙවැනි ක්‍රියාකාරකම් නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මෙම මුස්ලිම් නායකයින් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
මීට අමතරව පසුගිය සුනාමි ව්‍යසනයෙන් හානියට පත් නිවාස වෙනුවට එම ජනතාවට ලබාදීමට “නුරෙයිචෝලේ” ප්‍රදේශයේ ඉදිකර ඇති නිවාස මෙතෙක් ජනතාවට ලබානොදීම පිළිබඳවද මෙහිදී මෙම මුස්ලිම් දේශපාලන නායකයින් තිදෙනා ජනාධිපතිවරයා සමග දීර්ඝ ලෙස සාකච්ඡාකොට ඇත.
මේ වන විට අදාල නිවාස යෝජනා ක්‍රමය සහිත භූමියේ කැලෑව වැවී එම නිවාසද වනයට යටවෙමින් පවතින බවත් නැවත ඒවා යථා තත්ත්වයට පත්කර නිවාස අහිමි ජනතාවට ඒවා ලබාදීමට සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් මෙහිදී මොවුන් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ සදහා වැයවන මුදල මැද පෙරදිග රටවලින් ලබා ගත හැකි බවත් මෙහිදී මෙම පිරිස විසින් ජනාධිපතිවරයාට පවසා ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.