සයිටම් ගැන රජයේ ස්‌ථාවරයේ හරය උසාවියට!

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජයේ ස්‌ථාවරයේ හරය වහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට උපදෙස්‌ ලබා දෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (28) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියේය.
සයිටම් අර්බුදය පිළිබඳව රජයේ ස්‌ථාවරයේ හරයන් අප්‍රේල් 07 වැනිදා නිකුත් කළ බවද එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා එකඟතාව පළකළේ ජනාධිපතිවරයා ඉදිරියේ බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් පෙරේදා (27) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සයිටම් නඩුව විභාගවන අවස්‌ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට නඩුව ඉදිරිපත් කළේ අදාළ එකඟතාවට මුළුමනින්ම පටහැනි කරුණු බව පවසන පාදෙනිය මහතා එම හරයන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කිරීම රටේ සමස්‌ත රෝගී ජනතාවගේ ජීවිත සුරක්‌ෂිත කිරීමේ ක්‍රියාවලියේ මූලික කොන්දේසියක්‌ බවද ප්‍රකාශ කරයි.
මේ පිළිබඳව පාදෙනිය සහ වෛද්‍ය හරිත අලුත්ගේ මහත්වරුන්ගේ අත්සනින් යුත් ලිපියක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිsරිසේන මහතා වෙත භාරදී ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *