බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී ක්‍රියාත්මක කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කුමාර් සංගක්කාර නායකත්වය දරන ජැමෙයිකා තල්වාස් කණ්ඩායම තවත් තරග දෙකක් ජය ගතහොත් අවසන් මහා තරග අවස්ථාව උදාකර ගැනීමට සමත්වේ.
මේ වන විට ක්‍රිස් ගේල් ක්‍රීඩා කරන ශාන්ත කිට්ස් පිල අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ඇති අතර සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ජැමෙයිකා පිල ශ්‍රී ලංකා වේලාවෙන් අද අළුයම තීරණාත්මක තරගයකට සහභාගි වීමට නියමිතව තිබුණි.
මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කුමාර් සංගක්කාර පිතිකරුවන් අතර හය වැනි තැනට පත්ව තිබේ. ඔහු තරග දහයකදී අර්ධ ශතක තුනක් සමග මුළු ලකුණු 322 ක් ලබා ඇති අතර එහි ප්‍රහාරාත්මක වේගය 133.60 ක් ලෙසින් සටහන් වේ. පිතිකරුවන් ලැයිස්තුවේ පෙරමුණේ සිටින ගායානා පිලේ චද්වික් වෝල්ටන් මුළු ලකුණු 382 ක්ද දෙවැනි තැන සිටින ශාන්ත ලුවිස් කණ්ඩායමේ ක්‍රිස් ගේල් මුළු ලකුණු 375 ක්ද ලබා තිබේ. එහි තෙවැනි තැන ශාන්ත කිඩ්ස් පිලේ එමින් ලුවිස්ටද සිව්වැනි තැන බාබර්ඩෝස් පිලේ ඩ්වයින් ස්මිත් පත්ව ඇත. සංගක්කාරට පියවරක් පසුපසින් පස්වැනි තැනට පත්ව ඇති බ්‍රෙන්ඩන් මැකලම් මුළු ලකුණු 335 ක් ලබා තිබේ. පන්දු යවන්නන් අතරින් ෂොහිල් ටන්වීර් සහ ඩ්වයින් බ්රාවෝ කඩුලු 15 බැගින් ලබා පෙරමුණේ පසුවේ.