සිල්රෙදි නඩුව: රාජ්‍ය මුදල් අපහරණය කළ රාජපක්ෂ රෙජීමයේ දෙපලක් වරදකරුවෝ වෙති

සිල් රෙද්දට මුවා වී රාජ්‍ය මුදල් අපහරණය කළ රාජපක්ෂ රෙජීමයේ සහචරයින් දෙපලක් අද නීතිය ඉදිරියේ වරදකරුවෝ බවට ඒකමතිකව තීරණය විය. 2015 වසරේ ජනාධිපතිවරණ සමයේ දී විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ රුපියල් මිලියන 600 ක මුදලක් භාවිත කර දිවයින පුරා ඇති විහාරස්ථානවලට සිල් රෙදි බෙදා දීමේ සිදුවීමට අදාළ නඩු තීන්දුව අද(07) ලබා දී තිබේ.
ඒ අනුව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හා විදුලි සංදේශ කොමිසම් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කුප්‍රකට අනුෂ පැල්පිට යන අය අදාළ චෝදනාවට වරදකරුවන් වන බව කොළඹ මහාඅධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා තීන්දු කර ඇත.
රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මඟින් මෙම නඩුව පවරා තිබිණ.
එක් වරදකට වසර එක හමාර බැගින් වු වරද තුනක් සඳහා අවුරුදු හතරාමාරක සිර දඩුවමක් හා එක් වරදකරුවෙක් සඳහා රුපියල් ලක්ෂ 30 බැගින් වු දඩ මුදලක් ද මහාධිකරණය විසින් ඒ අනුව නියම කර ඇත.
එමෙන්ම දෙවන හා තුන්වන වරද සඳහා රුපියල් ලක්ෂ 50 බැඟින් ලක්ෂ 100 ක් වන්දි ලෙස ගෙවන ලෙස වරදකරුවන්ට මහාධිකරණ විසින් නියෝග කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.