නැති වැරදි පටලවමින් අල්ලස් ගන්නා ට්‍රැෆික්‌ පොලිස්‌ අල්ලන්න වෙනම දැලක්‌

රියැදුරන්ට නැති වැරදි පටවමින් ඔවුන් අපහසුතාවට පත්කර අල්ලස්‌ මුදල් ලබා ගැනීමට උත්සාහ කරන රථවාහන අංශ ඇතැම් පොලිස්‌ නිලධාරීන් පිළිබඳ තොරතුරු වහාම තමන්ට දැනුම් දෙන ලෙස පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා ඉල්ලා සිටී.
රියෑදුරන්ගෙන් අල්ලස්‌ ලබා ගන්නා පොලිස්‌ රථවාහන අංශ නිලධාරීන් අල්ලා ගැනීමට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්‌ කණ්‌ඩායම් යෙදවීමේ වැඩපිළිවෙළක්‌ මේ වන විටත් ක්‍රියාත්මක කරගෙන යන බව පොලිස්‌පතිවරයා කියා සිටී.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පුජිත් ජයසුන්දර මහතා මෙසේද කීය. පොලිස්‌ නිලධාරීන්ගේ වැටුප මේ වෙනකොට ඉහළ තලයකට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. ඒ නිසා පොලිස්‌ නිලධාරීන්ට අල්ලස්‌ ලබා ගැනීමට කිසිම අවශ්‍යතාවක්‌ නැහැ. නොකළ වැරදි පටවමින් රියෑදුරන් අපහසුතාවට පත්කර අල්ලස්‌ ලබා ගන්නා පොලිස්‌ නිලධාරීන්ට මගෙන් කිසිම සමාවක්‌ නැහැ.
මේ සම්බන්ධයෙන් පැමිණිලි විශාල වශයෙන් මට ලැබෙනවා. මම ඒ පිළිබඳ විමර්ශන පවත්වා වැරදි කරන නිලධාරීන්ට එරෙහිව කටයුතු කරනවා.
නොකළ වැරදි පටවමින් අල්ලස්‌ ලබා ගන්නට උත්සාහ කරන පොලිස්‌ නිලධාරීන් පිළිබඳ විස්‌තර 071-7582222, 0715922020 දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිස්‌පතිවරයා රියෑදුරන්ගෙන් ඉල්ලා සිටී.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.