බස්නාහිර පළාත් සභාවේ තිදෙනෙකු තනතුරුවලින් නෙරපයි

බස්නාහිර පළාත් සභාවේ අණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත්, සභා නායක සුනිල් ජයමිණි සහ ගිණුම් කාරක සභාවේ වැඩ බලන සභාපති මෙරිල් පෙරේරා මහත්වරුන් තනතුරු වලින් ඉවත් කොට ඇත.
පුරප්පාඩු වූ එම තනතුරු සඳහා ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස චන්දන ජයකොඩි සභා නායක ලෙස හෙක්ටර් බෙත්මගේ සහ ගිණුම් කාරක සභාවේ වැඩ බලස සභාපති ලෙස සුමිත් සොයිසා යන මහත්වරුන් පත් කොට තිබේ.
මෙම තනතුරු වලින් ඉවත් කිරීම ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා විසින් සිදු කරන ලද අතර ඊට හේතුව තමන් ඇතුළු සෙසු දෙදෙනා පලාත් සභාවේදී විසිවෙනි සංශෝධනයට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කිරීම බවත් පැවසූ මෙරිල් පෙරේරා මහතා එම සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් තිදෙනෙකුට එම තනතුරු ලබා දී ඇතැයි ද පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.