ඔය මිනිහත් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නෑ – එජාප මන්ත්‍රී ගැන ඇමති ජෝන් කියපු කතාව

පසුගියදා දිවුලපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අවි ආයුධ රැගත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක් සිදුවූ අතර සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්දීර් රොද්‍රිගූ සහ පිරිසක් අත්අඩංගුවටද පත් වූවා.
මන්ත්‍රීවරයා ඇතුලු මෙම පිරිස ප‍්‍රදේශයේ නිධානයක් කැඩීමට සූදානම් වන්නේ යයි ලද තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් මෙම වැටලීම සිදුකර තිබූ අතර පොලීසිය එම ස්ථානයට ගිය විටදි අපරාධකරුවන් විසින් පොලීසියට වෙඩි තබා තිබූ අතර පොලීසියද ප්‍රති ප්‍රහාර එල්ල කර ඔවුන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුනා.
කෙසේ වෙතත් පසුව කියවුනේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්වූ එජාප පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගූ , අමාත්‍ය ජෝන් අමරතුංගගේ ලගම හිතවතෙක් සහ සමීපතම ඥාතියෙකු බවයි.
මෙම චෝදනා සම්බන්ධයෙන් ඇමති ජෝන් අම‍රතුංග මාධ්‍යයට පිළිතුරු දී තිබුනා,
එහිදි මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්න වලට අමාත්‍යවරයා පිළිතුරු දී තිබුනේ මෙලෙසින්
ප්‍රශ්නය : ඔය සැකකරු ඔබේ පවුලේ ඥතියෙක්‌ කියලා කියනවා ?
අමාත්‍යවරයා : හැඳල, වත්තල, බෝපිටිය, පමුණුගම හැම පැත්තෙම මගේ නෑයෝ ඉන්නවා. අනික ඔය මනුස්‌සයා ඔය ගැටුමට ගියේ මට කියලා නොවේ. ඒකට මම මොනවා කරන්නද? ඔය මිනිහත් එක්‌ක මගේ ගනුදෙනුවක්‌ නැහැ.
ප්‍රශ්නය : මේ සැකකරු යූ. ඇන්පියටත් කැළලක්‌ ?
අමාත්‍යවරයා : ඔය මනුස්‌සයාට එක පක්‍ෂයක්‌ නැහැ. මීට කලින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හිටියේ. එහාට පනිනවා මෙහාට පනිනවා. මම හිතන්නේ මිනිහාට ඇප දෙන්නත් කෙනෙක්‌ නැතිව ඇති. මොනවා වුණත් ඔය මනුස්‌සයා සමග මගේ ගනුදෙනුවක්‌ නම් නැහැ.
 

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *