‘‘ගහන්න එපා…පේන්න හරි එන්න..‘‘ – ක්‍රිකට් ලොක්කෝ ක්‍රිඩකයෝ ඉදිරියේ දණින් වැටේ

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර මේ දිනවල පැවැත්වෙන විස්සයි 20 තරඟාවලියේ එක් තරඟයක් පාකිස්ථානයේ පැවැත්වීම පිළිබඳ පසුගිය කාලය පුරාම සංවාදයට බඳුන් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් සියල්ලන් පාහේ මෙම තරඟයට එක්වීම ප්‍රතික්ෂේප කළේ පාකිස්ථානයේ ඇති ආරක්ෂක තත්වය පිළිබඳ සැක පහළ කරමින්.
පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යොවුන් කන්ඩායමක් මෙම තරඟාවලියට සහභාගී කරවීමට තීරණය කළේ තිසර පෙරේරාට නායකත්වයේ වගකීම පවරමින්.
එමෙන්ම එරට ඇති ආරක්ෂාව විමසා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බාළධාරීන් පාක්ස්ථානයේ සංචාරයකද නිරත වුණා.
කෙසේ නමුත් තරඟයට සියල්ල සූදානම් කර තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළම බලධාරියෙකු විසින් තරඟයට සහභාගී නොවන ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට දුරකථන ඇමතුම් ලබාදී ලාහෝර් වෙත එන්නැයි ඉල්ලා තිබෙනවා.
තරඟයට ක්‍රීඩා නොකළාට කමක් නැති බවත් ලාහෝර් ක්‍රීඩාංගණයට පැමිණ පෙනී සිටින්නට පමණක් එක්වන්නැයි ඔහු මෙහිදී ක්‍රීඩකයින්ගෙන් ඉල්ලා තිබෙන බව ක්‍රිකට් විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වෙත තොරතුරු වාර්තා වෙනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.