දහදිය වෙනුවට සිරුරෙන් ලේ ගලන අමුතු තරුණියක්

දහදිය වෙනුවට සිරුරෙන් රුධිරය වෑස්සෙන 21 ක් හැවිරිදි තරුණියක ගැන ඉතාලියේ ෆ්ලොරෙන්ස් නුවරින් වාර්තා වෙයි.
දහදිය වෙනුවට, මෙම තරුණියගේ සිරුරින් ලේ පිටවීමට පටන් ගෙන ඇත්තේ මීට අවුරුදු තුනකට පමණ පෙර සිට යැයි ෆ්ලොරෙන්ස් විශ්ව විද්‍යාලයේ, කායික වෛද්‍යවරු කියති.
දහදිය වෙනුවට රුධිරය පිටවීමට හේතුව තවමත් අනාවරණය කර ගැනීමට හැකි වී නැති බව ද ඉතාලි වෛද්‍යවරු වැඩි දුරටත් කියා සිටිති. දහදිය වෑස්සෙන්නේ නැතිව, ඒ වෙනුවට රුධිරය වෑස්සෙන්නේ කෙසේදැයි යන්න වෛද්‍යවරුන්ට ගැටලුවක් වී ඇත.
සමේ රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරුන් පවසා ඇත්තේ මෙවැනි තත්ත්වයක් මීට පෙර තමන්ට දකින්න නොලැබුණු බවත්, වෛද්‍ය ඉතිහාසයේ මෙවැන්නක් ගැන වාර්තා වී නැති බවත්ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.