බැඳුම්කර ගනුදෙනුවේ හඬපටයක් හමුවෙයි

මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී පර්පචුවෙල් ටෙෂරීස් සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හා මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක නිලධාරියකු ඇතුළු නිලධාරීන් කීපදෙනෙකු අතර 2015 පෙබරවාරි 27 දා සිදුව ඇතැයි කියන දුරකථන සංවාදයක තොරතුරු ඇතුළත් හඬපටයක් තම සංවිධානයට ලැබි ඇති බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රී (ජ.වි.පෙ.) වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
මෙම හඬ පටයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි බව සඳහන් කරන වසන්ත සමරසිංහ මහතා එම හඬ පටය සම්බන්ධයෙන් ඉදිරියේ කරුණු හෙළිදරව් කරන බවත් දැනට බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශන කෙරෙන ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට එහි පිටපතක් ලබාදීමට ක්‍රියාකරන බවද ඔහු සඳහන් කළේය. මෙම හඬපටය තම සංවිධානයට ලැබි ඇත්තේ දැනට විදෙස්ගතව සිටින අයෙකුගෙන් බවද මන්ත්‍රීවරයා හෙළි කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.