යුද හමුදා පොදු සමා කාලය ලබන 15දා දක්වා

ශ්‍රී ලංකා යුද හමුදාවේ 68වන සංවත්සරයට සමාඟාමී ව 23දා සිට ලබන මස 15දා දක්වා පොදු සමා කාලයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර ඇත. ඒ අනුව පළමු දින දෙක තුළ දී එනම් 23 සහ 24දිනවලදී යුද හමුදා සාමාජිකයින් 1131ක් නැවත සේවයට වාර්තා කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා පැවසීය.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ඒ අනුව මේ වන විට නිවාඩු නොලබා සේවය වාර්තා නොකර සිටින යුද හමුදා සමාජිකයන් ඔවුන්ට අයත් රෙජිමේන්තුවට රපෝර්තු කළ හැකි බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් 2016 වසරේ ජනවාරි මාසයේ දී අවසන් වරට පොදු සමා කාලයක් නිවේදනය කරනු ලැබීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.