රට පනින්න මාන බැලූ ඇලෝසියස්‌ට වැට බඳී

බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ අනාවරණය වූ කරුණු අනුව ඔහු ඇතුළු සිවු දෙනකු සැකකරුවන් ලෙස නම් කරමින් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ කරුණු දැක්‌වීමක්‌ පිළිගත් තම අධිකරණය එම විදේශගත වීම තහනම් කිරීමේ නියෝගය නිකුත් කළ බව පෙන්වා දුන් මහෙස්‌ත්‍රාත්වරිය සැකකරුට එරෙහිව පැමිණිල්ලක්‌ හෝ චෝදනා පත්‍රයක්‌ ගොනු කර ඔහු අධිකරණය හමුවට පමුණුවා නොමැති අවස්‌ථාවකදී එවැනි ඉල්ලීමකට අවසර ලබාදීමේ හැකියාවක්‌ නොමැති බව පෙන්වා දුන්නාය.
අර්ජුන් ඇලෝසියස්‌ මහතා සැකකරුවකු ලෙස අධිකරණයට භාරවීමක්‌ කර එවැනි ඉල්ලීමක්‌ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් තම අධිකරණයට සලකා බැලීමේ හැකියාව ඇතැයිද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නාය.
බැඳුම්කර කොමිෂන් සභාව හමුවේදී අනාවරණය වී ඇති කරුණු අනුව පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමට හා එහි හිමිකරු ඇතුළු සිවු දෙනකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බව පෙන්වා දෙමින් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ තොරතුරු වාර්තාවක්‌ සලකා බැලූ මහෙස්‌ත්‍රාත්වරිය විසින් එම විදේශ ගමන් වැළැක්‌වීමේ නියෝගය නිකුත් කොට තිබුණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *