ඔක්ස්ෆර්ඩ් සරසවියේ ප්‍රදර්ශනය කෙරෙමින් තිබුණ මියන්මාරයේ නිල නොවන රාජ්‍ය නායිකා අවුන් සාං සුචිගේ ආලේඛ්‍ය සිතුවමක් එම ස්ථානයෙන් ඉවත් කර ඇත.
එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ රෝහින්ග්‍යා අනාථයන් පිළිබඳ අර්බුදය හමුවේ ඇය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විවේචන එල්ල වෙමින් පවතින මොහොතක වීම විශේෂය.
ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිධාරිනියක වන මියන්මාර් නායිකාවට ඇය එරට නිදහස් සටනට දුන් නායකත්වය වෙනුවෙන් කෙරෙන ගෞරවයක් වශයෙන් තවත් උපාධියක් ද එම සරසවිය විසින් පිරිනමා ඇත.
රෝහින්ග්‍යා අර්බුදයේ දී මියන්මාරයේ ‘රකයින්’ පළාතේ ජීවත් වූ හාර ලක්ෂයකට අධික රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව අසල්වැසි බංග්ලාදේශයට පළා ගියහ.
මියන්මාරය තුළ ජනවාර්ගික ශුද්ධයක් සිදු කෙරෙමින් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය නගන චෝදනාවට පිළිතුරු දීමට එරට නිල නොවන රාජ්‍ය නායිකා අවුන් සාං සුචි අසමත් වූවාය.