පසුගිය මහා මැතිවරණයේදී එක්‌සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්‌තුව නියෝජනය කළ දේශපාලනඥයකු වන මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත් කිරීම නීති හා සදාචාර විරෝධී, සම්ප්‍රදාය විරෝධී ක්‍රියාවක් බැවින් වහාම එය ඉවත් කරන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
බොරැල්ල ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (06 දා) පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවේදී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට සෞඛ්‍ය ඇමැතිවරයා විසින් මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත්කර ඇති බවත් ඔහු 2015 වසරේදී එක්‌සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්‌තුව නියෝජනය කළ දේශපාලනඥයකු බවත් ඒ මහතා පැවසීය.
මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ අර්බුදය ඉතිහාසයේ ගැඹුරුම ආවාටයේ පතුලටම ගොස් තිබෙන වෙලාවක ජාතික ලැයිස්‌තුව නියෝජනය කළ දේශපාලනඥයකු වන කොල්වින් ගුණරත්න මහතා පත් කිරීම සම්පූර්ණ වැරදි තීන්දුවක් බවත් මෙමගින් සිදුවන්නේ අවුල තවත් තීව්‍ර කිරීමක් බවත් පැවසීය.
එබැවින් පවතින අවුල තවත් වැඩිදියුණු නොකරන ලෙස ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් සඳහන් කළේය.