දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිළධාරින් සමඟ පැවැති සාකච්ඡා අවසන් වී තිබේ. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යයවරයා දැනුම්වත් කර විසඳුම් ලබාදීමට වෘත්තිය සමිති එකඟතාව පල කළ බවයි.
ඒ අනුව දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලකවරුන් සහ නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති වර්ජනය අත්හිටුවනු ඇති බව අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.
වැටුප් විෂමතාවන් මුල්කර ගනිමින් මීට පෙර ද අදාළ වෘත්තිය සමිති වර්ජනයක නිරත වූ අතර ඔවුන්ගේ ගැටළු විසදන බවට ලැබුණු පොරොන්දුව මත වර්ජනය අත්හැර දැමුණි.
එහෙත් එම එකඟතාවන්වලට වෙනස්ව යමින් නව යෝජනා ඉදිරිපත් කර තිබීමට විරෝධය පල කරමින් අද(20) දිනය තුළ විසදුම් නොලැබෙන්නේ නම් වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.
කෙසේ වුවද අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව වෘත්තිය සමිති මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර නැහැ.