කොළඹ ශාන්ත පීතර විදුහල අසලින් වැටී ඇති බම්බලපිටිය සහ වැල්ලවත්ත මායිම් වෙන්කරනු ලබන ඇල මාර්ගයේ මාංශ අනුභව කරන කිඹුලන් ගැවසෙන බවට වාර්තාවේ.
මෙම ඇල මාර්ගය ශාන්ත පීතර විදුහලට මායිම්ව පිහිටා ඇති අතර පාසැල් සිසුන්ගේ ක්‍රීඩා පිටිද මේ අසලම ඇත. මේ නිසාවෙන් මෙම ඇල මාර්ගයේ කිඹුලන් ගහණයේ සිදුවන වැඩිවීම අනිවාර්යෙන්ම සිසුන්ගේ ජීවිතවලට තර්ජනයක් වනු ඇත.
එසේම මෙහි මායිමේ පැල්පත් නිවාස රැසක් පවතින අතර එම නිවාසවල ජීවත්වන ළමුන් ඇතුළු වැඩිහිටියන්ද මේ නිසා දැඩි ජීවිත අවදානමකට ලක්ව ඇත. මේ සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීම නිසි බලධාරීන්ගේ යුතුකම වනු ඇත.