බලාපොරොත්තු සුන්වූ පුංචි දෙව්මිනිට දහම් නව ජීවිතයක් ලබාදෙයි

පසුගිය මැයි මාසයේ රටටම බලපෑ ගංවතුර තත්වයෙන් බොහෝ දෙනෙකුට තම උන්හිටි ස්ථාන අහිමි වුණා. මෙම ආපදා තත්වය හේතුවෙන් කිහිප දෙනෙකුට තම ජීවිතද අහිමි වුණා. මේ අතර මෙම ආපදා තත්වයත් සමග කලු ගඟේ රුදුරු බවට හසුව පියකුගේ රැකවරණයද අහිමි වූ දියණියකගේද, ස්වාමි පුරුෂයකුගේ රැකවරණයද අහිමි වූ බිරිඳකගේද ජීවිත උඩු යටිකුරු කර දැමුවේ ඔවුනට ඇඳිවත පමණක්ම ඉතිරි කරමින්. ඒ ගංවතුරට හසුව එතෙක් කල් ඔවුන් විසු කුඩා නිවස ජල රකුසා රැගෙන ගියේ දෙව්මිනි දිනේත්‍රා දියණියගේ සහ මවගේ අහිංසක හීනද ගංවතුරටම යට කරමින්ය.
මෙම ආපදාවට ලක්වූ රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්ත ප්‍රදේශයේ දිවි ගෙවන දෙව්මිණි අධ්‍යාපනයට දක්ෂ දරුවෙක් වන අතර නොකඩවා පන්තියේ පළමු තැන ලබාගන්නා දීප්තිමත් ශිෂ්‍යාවක් බවට ඇය ඉගෙනුම ලබන රත්නපුර, කැටේපොල විද්‍යාලයේ විදුහල්පතිතු පියල් පුෂ්පකුමාර මහතා සඳහන් කර සිටියේ අප මෙම දැරිවියගේ විස්තර පිළිබඳව සොයා බැලීමට ගිය අවස්ථාවේදීය. එසේම ලබන වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිත මෙම දියණිය මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රවලට මෙවර ශිෂත්ව විභාගයට පෙනීසිටින දරුවන් සමග පිළිතුරු ලබාදී පාසලේ වැඩිම ලකුණුද ලබාගෙන තිබෙනවා. පියාද අහිමි දෙව්මිනිගේ මව ඇයව පෝෂණය කරනු ලබන්නේ රෙදි මැසිමෙන් බවත් සඳහන්.
මාස දෙකයි 2 දින 15ක කාලයකින් ඉදිවූ නව නිවෙස පුංචි දෙව්මිණී සතු වෙයි
ගංවතුරේ ගසාගෙන ගිය පුංචි දෙව්මිනී සහ අම්මාගේ ජීවිතවලට නව එළියක් ලබා දෙමින් බලාපොරොත්තු වූ කාලයටත් වඩා ඉක්මනින්ම සියලු පහසුකම් වලින් පරිපූර්ණ වූ නව නිවෙස ඉදිවූ අතර එය පුංචි දෙව්මිනීට ලබා දීම කැටේපොල ශ්‍රී අභිනවාරාමාධීපති හිම්මන්තුඩාවේ සිරි රතන ස්වාමින්වහන්සේගේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අද දින (ඔක්තෝම්බර් මස 06 වන දින) උදෑසන 10.06ට යෙදුන සුභ නැකතින් දහම් සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
ඉදිවූ අංගසම්පූර්ණ නිවෙස කාමර 3 ක්, ආලින්දයක්,මුලුතැන්ගෙයක් සහ නාන කාමරයකින්ද සමන්විත අතර නව නිවෙස සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩද මේ සමග ලබා දෙන ලදී.
මෙම සතුටුදායක අවස්ථාව සඳහා පැමිණ සිටි කැටේපොල විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුලු ගම්වාසීන් දහම් සිරිසේන මහතාගේ මෙම ක්‍රියාව ඉතා ප්‍රංශසාත්මකව අගය කල අතර, ඔවුන්ගේ තවත් ඉල්ලීමක් වූයේ කැටේපොල ගමට එන මාර්ගයද පිළිසකර කරදෙන ලෙසය. එහිදී ඒ පිළිබඳවද සිය අවධානය යොමු කරන බව දහම් සිරිසේන මහතා කියා සිටියේය.
දෙව්මිනීට නිවෙසක් ලබා දෙන බවට දහම්ගෙන් පොරොන්දුවක්
අගහිඟ කම් මද වේල පිරිමසා ගනිමින් දෙව්මිනිගේ අධ්‍යාපනය ඉදිරියට රැගෙන ගිය රෝගී මවට රෝදුරු ගංවතුරට ගසාගෙන ගිය තම නිවස නැවත තැනීම සිහිනයක් පමණක් බවට ඇයගේ මව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුන. පුංචි දෙව්මිනිගේ මෙම ගැටලුව මාධ්‍ය වලින් දුටු ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතා ජූනි මස 15 බ්‍රහස්පතින්දා වන දින තමන්ගේ පුංචි නිවහන සමග පුංචි සිහිනද ගංවතුරේ ගසගෙන ගොස් ඇඳිවත පමණක් ඉතිරිව කල් ගෙවන මේ දක්ශ පුංචි දෙව්මිනී දියණිය විසූ ප්‍රදේශයට ගොස් පුංචි දෙව්මිණිගේ කඬාවැටුනු නිවස සහ සිදුවූ සිදුවීම නීරීක්ෂණය කර එහිදී දෙව්මිණි දැරියට සහ ඇගේ මවට සුදුසු ස්ථානයක නව නිවසක් කඩිනමින්ම ඉදිකර දෙන බවට පොරොන්දුවක් ලබා දුන්නේය. අපි එම පුවතද ඔබ වෙත ගෙන ආවා මතක ඇති.
එමෙන්ම ඊට අදාල ඉඩමක් ලබා ගැනීම සඳහා දහම් සිරිසේන මහතා එම දිනයේම (ජූනි 15 බ්‍රහස්පතින්දා ) කිරිඇල්ල නැඳුන් රජමහා විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේ හඳපාන්ගොඩ මහින්ද නායක ස්වාමින් වහන්සේ සහ හිටපු ශ්‍රීපාදස්ථානාධිපති හඳපාන්ගොඩ විමල නායක ස්වාමින්වහන්සේ මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවේය.
එහිදී නායක ස්වාමින් වහන්සේලා රජයේ වැඩපිලිවෙලක් යටතේ මෙම නිවස සාදනු ලබන්නේදැයි විමසූ අතර එහිදී හෙළි වූයේ රජයේ කිසිඳු ප්‍රතිපාදනයක් ලබා නොගෙන තම පෞද්ගලික දැන හැඳුනුම්කම් මත ආධාර උපකාර ලබාගෙන මෙම දැරියට නව නිවෙසක් දහම් සිරිසේන මහතා මූලිකත්වය ගෙන සාදා දෙන බවයි.
නව නිවෙස සඳහා මුල් ගල තබයි
ඒ කාරණය පිළිබඳව පැහැදුනු නායක ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කලේ එම නිවෙස සෑදීම සඳහා රජමහා විහාරස්ථානයට අයත් පර්චස් 20ක ඉඩමක් ලබා දීමට සූදානම් බවත්, නිවෙස ඉදිකිරීම සඳහා මුල් ගල තබන දින එහි වැඩම කර සෙත් පිරිත් සජ්ඣායනා කිරීමට නායක ස්වාමින් වහන්සේලා වැඩම කරන බවත්ය.
ඒ අනුව එම පොරොන්දුව ලබා දී සතියක් ගත වූ ජූනි මස 22 වන දින පුංචි දෙව්මිණි දැරියගේ අහිමි වූ නිවෙස වෙනුවට නව නිවෙසක් සෑදීම සඳහා මුල් ගල තැබීම අවට විහාරස්ථාන වල ස්වාමින් වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජූනි මස 22 උදෑසන 10.15ට යෙදුන සුභ නැකතින් දහම් සිරිසේන මහතා අතින් සිදු වුණා.
නව නිවෙස ඉදිකිරිම සඳහා අවශ්‍ය ඉඩම පොරොන්දු වූ පරිදි කිරිඇල්ල නැඳුන් රජමහා විහාරස්ථානය විසින් පරිත්‍යාග කල අතර නිවෙස ගොඩ නැගීමසඳහා රජයේ කිසිඳු ප්‍රතිපාදනයක් ලබා නොගෙන තම පෞද්ගලික දැන හැඳුනුම්කම් මත ආධාර උපකාර ලබාගෙන මාස 3ක් ඇතුලත ගොඩනැගීමට දහම් සිරිසේන මහතා උපරිම උත්සහ කරන බව ජූනි මස 22 දින දෙව්මිනී දැරියගේ මව වෙත ප්‍රකාශ කර සිටියෙය.​

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.