දෙහිවල සත්වෝද්‍යානය පසුගිය 21 වැනිදා සිට සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා දිනයන්හි රාත්‍රි කාලයේත් පැය කිහිපයක් විවෘතව තැබෙන බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය පවසයි.
රාත්‍රි කාලයේදී නරඹන්නන් වෙනුවෙන් සම්පූර්ණ සත්ත්වෝද්යානයම විවෘත නොවන අතර තෝරාගත් විශේෂ කොටසක් පමණක් විවෘත කෙරෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අනුව එම දිනවල රාත්‍රි 7.30 සිට 10.00 දක්වා සත්ත්වෝද්‍යානය විවෘතව තබනු ඇත.
රාත්‍රි කාලයේ ක්‍රියාශීලී සතුන් හා නිශාචර සතුන් පමණක් මෙම කලාපයට ඇතුළත් වන අතර එම සතුන්ගේ රාත්‍රි චර්යාවන් නිරීක්ෂණය සඳහා ද මෙය අවස්ථාවක් වනු ඇතැයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
සතුන් නැරඹීම සඳහා හඳ එළියට සමාන ආලෝකයක් යොදා ඇති අතර එම ආලෝකය සතුන්ගේ දෘෂ්ටියට හසු නොවන අන්දමින් යොදා ගෙන ඇතැයි සත්ත්වෝද්‍යාන නිලධාරීහු පවසති.
සත්ත්වෝද්‍යානය රාත්‍රී කාලය සඳහාත් විවෘත කිරීමේ උත්සවය මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, තිරසර සංවර්ධන හා වනජීවී ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති අතර එය මහජනතාව සඳහා විවෘත වන්නේ පසුගිය 22 වැනිදා සිටය.
රාත්රියේදී සත්ත්වෝද්‍යානය නරඹන්නට පැමිණෙන්නන් නිශ්ශබ්දතාව ආරක්ෂා කළ යුතු බවත් සත්ත්වෝද්‍යානය තුළ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කිරීම, µaලෑෂර් සහිත කැමරාවලින් ඡායාරූප ගැනීම, සතුන්ට ආහාර ලබාදීම, සතුන්ගේ නිදහසට බාධා වන අයුරින් කෑගැසීම තහනම් වන අතර එම වැරැදි කරන්නන්ගෙන් දඩ මුදල් අයකරන බවද සත්ත්වෝද්‍යාන නිලධාරීහු පවසති.