බාලගිරි අවසන්!

පළාත් පාලන මැතිවරණය එළැඹෙන ජනවාරි මාසයේදීත් පළාත් සභා මැතිවරණය මාර්තු මාසයේදීත් ස්ථිරවම පැවැත්වීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.
ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා පනත පිළිබඳ ගැසට් නිවේදනය ලබන අඟහරුවාදා ගැසට් කිරීමටත් ඊට පෙර නුවරඑළිය හා අඹගමුව ප්‍රාදේශීය සභා පිළිබඳ ඇතිව තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
නිල කාලය අවසන්ව ඇති උතුරු මැද, නැඟෙනහිර හා සබරගමුව පළාත් සභා මැතිවරණ මාර්තු මාසයේ පැවැත්වීමටත් ඉතිරි පළාත් සභා මැතිවරණ පිළිබඳව පසුව තීරණයකට එළැඹීමටත් ආණ්ඩුව එකඟතාවකට පැමිණ තිබෙන බවද ඒ මහතා පැවැසුවේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි මැතිවරණ කිසි විටෙකත් කල් දැමීමක් සිදු නොවන බවයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.