බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරුගේ නිල කාමරයේ ගින්නක්!

මහ බැංකු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය තුළ පිහිටි විනිශ්චයකාර නිල මැදිරියේ ඊයේ (04) හදිසි ගින්නක් හටගෙන තිබේ.
පෙරවරු 9.05ට පමණ ගින්න හටගෙන ඇති අතර ජල පෙරනයකින් මේ ගින්න හටගෙන ඇති බවත් එයට හේතුව විදුලි කාන්දුවක් බවත් පොලිසිය පවසයි.
ගින්න ඇතිවන අවස්ථාවේදී එම නිල මැදිරියේ විනිසුරුවරයා නොසිටි බවද ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ සිටින සේවකයන් විසින් ගින්න නිවා දමා තිබූ බවද වාර්තා වේ.
කෙසේ නමුත් ගින්න ඇතිවන විටත් එම ස්ථානය අසලින් නීතිඥවරුන් සහ අනෙකුත් පිරිස් ඉවත් කර තිබේ. කෙසෙල්වත්ත පොලිසියේ කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇති අතර මේ වනවිට පරීක්ෂණයක්ද ක්‍රියාත්මකව ඇතැයි වාර්තා වේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *