පොලිසියට පහරදුන් 05 ක් රිමාන්ඩ්

මියන්මාර් ජාතික රොහින්ග්‍යා සරණාගතයන් පිරිසක්‌ රඳවා සිටි ගල්කිස්‌ස මහල් නිවසක්‌ අසල කලහකාරී ලෙස හැසිරෙමින් එම නිවසට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක ඇතුළු පුද්ගලයන් හයදෙනාගෙන් පස්‌දෙනකු මෙම මස 09 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
එක්‌ සැකකරුවකු පොලිස්‌ ඇප මත මුදාහැරුණු බව කොළඹ අපරාධ කොට්‌ඨාසය කියයි.
මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගල්කිස්‌ස වීරසේකරගේ ෙච්ෂාන්ත චමිරුවන් රුද්‍රිගු (34), රත්මලාන හපුගම්මන ගමරාලලාගේ කල්‍යාණි පොඩිමැණිකේ (42), මීතොටමුල්ල ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නොහොත් ඩෑන් (52), ගණේමුල්ල ජනිත නිරෝෂණ දීපගේ (45), එෙŒරමුල්ල නාවලගේ දොන් චින්තක සංජීව (44) යන අය වෙති.
පොලිස්‌ ඇප මත මුදාහැර ඇත්තේ නාවල නානායක්‌කාර ගොඩකන්ද කංකානම්ලාගේ ගයාන් මධුසංඛ සෙනෙවිරත්න (22) නමැති අයෙකි.
මෙම සැකකරුවන් පසුගිය මස 26 වැනිදා මියන්මාර් ජාතික සරණාගතයන් රැඳී සිටි තෙමහල් නිවාසය අසලට පැමිණ කලහකාරී ලෙස හැසිරෙමින් ගල්මුල් ප්‍රහාර එල්ල කරන ලදැයි චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම උණුසුම් සිද්ධියේදී පොලිස්‌ නිලධාරීන් ඇතුළු 10 දෙනෙක්‌ ද තුවාල ලැබූහ. සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්‍ෂණ අරඹා තිබේ.
එසේම එම ස්‌ථානයේ කලහකාරී ලෙස හැසිරෙන ආකාරය ෙµaස්‌බුක්‌ හරහා සජීවීව පෙන්වූ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.
මෙම උණුසුම් සිද්ධියෙන් පසුව මියන්මාර් මුස්‌ලිම් සරණාගතයෝ මේ වන විට ගාල්ල බූස්‌ස කඳවුරේ රඳවා සිටිති. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්‌ඨාසය හා ගල්කිස්‌ස මූලස්‌ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.