ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය අද ජනපති ජනසතු කරයි

දිළිදුකම පිටු දැකිමේ “ග්‍රාම ශක්ති” ජනතා ව්‍යාපාරය ජනගත කිරිමේ ජාතික උත්සවය අද(20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙයි.
අද(20) පස්වරු 02.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එය පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක මත පදනම්ව 2030 වර්ෂය වන විට දිළිදුකමින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරිමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.
2017 වසර දිළිදුකම පිටුදැකීමේ වර්ෂය ලෙස නම් කර ඇති අතර දිළිදු ජන සංඛ්යාසව වැඩි වශයෙන් ජිවත්වන දිස්ත්‍රික්ක වෙත ප්‍රමුඛතාව ලබා දෙමින් මෙම වැඩසටහන දීපව්‍යාප්තව ක්‍රියාවට නැංවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.