සයිටම් සහ රටේ සෞඛ්‍යය, ඇමති රාජිත සමඟම පරිහානියට – GMOA

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා තමාගේ අභිමතය ආරක්‌ෂා කරගැනීම සඳහා සයිටම් ගැටලුව සමඟ ගැටෙමින් පරිහානියට පත්වෙනවා මිස රටේ සෞඛ්‍ය අංශ දියුණු කිරීමට කටයුතු නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසීය.
වෛද්‍ය සභාවේ සභාපති තනතුරට දේශපාලන අතකොලුවක්‌ පත්කර සෞඛ්‍ය ඇමැතිවරයා මේ නැති කරන්නේ රටේ සෞඛ්‍ය බවත් හෙතෙම කියා සිටියේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ඊයේ (11) එම අදහස්‌ පළ කළේ කොළඹ 07 ස්‌ටැන්ලි විෙ-සුන්දර මාවතේ පිහිටි රජයේ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මෙසේ කියා සිටියේය,
දේශපාලනයට සම්බන්ධ පුද්ගලයකු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුරට පත්කිරීමත් සමඟම එම සභාවේ ස්‌වාධීනත්වයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මෙවැනි පක්‌ෂග්‍රාහී සභාපතිවරයකු හරහා ඇමැති රාජිත සේනාරත්න මහතාට අවශ්‍යව ඇත්තේ ඔහුගේ සහ තවත් ඇමැතිවරයකුගේ සිතැඟි ඉටුකර ගැනීමටයි.
මෙම සභාපතිවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශ වෛද්‍ය සභාවේ සාමූහික මතයට පිටින් ගොස්‌ කරන ප්‍රකාශයි. එය කෙසේවත් කළ හැකි දෙයක්‌ නෙමෙයි. මෙම සභාවේ සභාපතිවරයා සැමට පිළිගත හැකි චරිතයක්‌ විය යුතුයි. මෙම සභාපතිවරයාත් සාමූහික මතයට ගරු නොකරමින් ප්‍රොaඩාකාරී සයිටම් ආයතනය වෙනුවෙන් පෙනී සිටිනවා.
වෛද්‍ය සභාවේ සභාපතිවරයාට අනුව සයිටම් ආයතනයට නීත්‍යනුකූල ලෙස උපාධි ප්‍රදානය කිරීමේ තත්ත්වය ලැබී තිබෙනවා. එසේම එම ආයතනයේ ශිෂ්‍යයන්ට ලැබෙන සායනික පුහුණුවේ බරපතළ ගැටලු ඇතිවී නැහැ. එහි උපාධිධාරීන් වෛද්‍ය සභාව තුළ ලියාපදිංචි කර වෛද්‍යවරුන් ලෙස කටයුතු කිරීමට ඉඩදිය යුතු වෙනවා. එතුමාගේ මේ මතයෙන් ඔහුගේ සයිටම් පක්‌ෂපාතීත්වය හා දේශපාලන ගැතිභාවය මුළු රටටම නිරාවරණය වී අවසන්.
මේ තත්ත්වය තුළ නව සභාපතිවරයාගේ මෙම පක්‌ෂග්‍රාහී හැසිරීම පිළිබඳ වෛද්‍ය සභාවේ සෙසු සාමාජිකත්වය වහා කරුණු මතුකළ යුතුයි. එසේම වෛද්‍ය සභාවේ සාමුහික තීරණයන්ට පටහැනි වන ලෙස කරුණු දැක්‌වීමෙන් වළකින ලෙස එහි සෙසු සාමාජිකත්වය සභාපතිවරයාට දැනුම් දිය යුතුයි.
වර්තමාන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සයිටම් ගැටලුව සමඟ දිගින් දිගටම ගැටෙමින් ඔහු පරිහානියට පත්වෙනවා මිස සෞඛ්‍ය ක්‌ෂේත්‍රය ගොඩනැඟීමට කටයුතු කරන්නේ නැහැ. එසේම රට තුළ වෛද්‍යවරු බිහි නොවීම තුළ ඉදිරි මාස දෙක තුළ බරපතළ ප්‍රශ්න මතුවේවි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *