ටයිටැනික් මගියෙකු නැවේ සිට ලියූ ලිපියක් කෝටි ගණනකට අලෙවි වෙයි

ටයිටැනික් නෞකාවේ ගමන් ගත් මගියෙකු ලියූ ලිපියක් වාර්තාගත මිලකට වෙන්දේසි කර තිබේ. එය යුරෝ 126,000කට අලෙවි වී ඇත.
ටයිටැනික් නෞකාවේ ගමන්ගත් අමෙරිකා ජාතික ව්‍යාපාරිකයෙකු වූ ඔස්කා හොල් වර්සන් නම් අයෙකු සිය මවට මෙම ලිපිය ලියා තිබේ. ඒ 1912 වසරේ අප්‍රේල් 13 වනදාය. ටයිටැනික් නෞකාව මුහුදුබත් වූයේ 1912 වසරේ අප්‍රේල් 15 වනදාය.
ඔහුගේ බිරිදත් මෙම නෞකාවේ ගමන්කර ඇති අතර, නෞකාව මුහුදුබත් වීමෙන් ඔහු මියගොස් බිරිඳගේ දිවි බේරී තිබේ. ටයිටැනික් නෞකාවේ ශීර්ෂය සහිත පත්‍රයක ලිපිය ලියා ඇත.
සුඛෝපභෝගී නෞකාව පිළිබද විස්තර හා නෞකාවේ ඉතා උසස් කෑම බීම පිළිබද එහි සටහන් කර තිබේ.
නෞකාව මුහුදුබත් වීමත් සමග මෙම ලිපිය සොයා ගෙන ඇත්තේ ඔහුගේ සාක්කුවේ තිබියදීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.