රටට බලහත්කාරයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම තුළින් රට තුළ සංහිඳියාවක් ගොඩ නගන්නේ කෙසේ ද යන්න ගැටළුවක් බව හිටපු ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කර සිටියි.
අපවත් වී වදාළ ආචාර්ය නාගොඩ අමරවංශ නාහියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මරදාන ශ්‍රී ලංකා විද්‍යාලීය පිරිවෙන් විහාරස්ථානයට අද(23) උදෑසන පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
බලය බෙදීමක් තුළින් සංහිඳියාවක් බලාපොරොත්තු වන්නේ නම් එය බලහත්කාරයෙන් සම්මත කර ගැනීමට උත්සහ දරණ ව්‍යවස්ථාවක් තුළින් එය ඉටු නොවන අතර, ප්‍රධාන සංඝ සභාවන් සියල්ලන්ගේම විරෝධතාවය මධ්‍යයේ එය සිදු කිරීම ගැටලුවක් බවත්, මෙවැනි ව්‍යවස්ථාවකට විරුද්ධ වීමේ හැකියාව ජන සතු වූවක් බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ආණ්ඩුව ඡන්දය ප්‍රමාද කරනු ලබන්නේ බිය නිසා බවත් මැතිවරණයක් පැමිණි විට අවශ්‍ය වෙලාවට තමා පැමිණීමට බලාපොරොත්තු වන බවත් ඔහු තවදුරටත් පැවසීය.