මෛත්‍රීගෙන් මහින්දට ආරාධනා..!

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 03 වැනිදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විශේෂ සමුළුව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාටද ආරාධනා කර ඇත.
මෙම සාකච්ඡාව සඳහා අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිතව දැනුම්දෙන බවත් ඒ සඳහා වන ලිපි අද (24) තැපෑලට භාරදෙන බවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ප්‍රබල ඇමතිවරයෙකුට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සාකච්ඡාව පවත්වනු ලබන්නේ කිසිම කොන්දේසියකට යටත්ව නොවන අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ජයග්‍රහණය සඳහා මන්ත්‍රීවරුන් සහ සංවිධායකයන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සහ පක්‌ෂයක්‌ ලෙස කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව මෙම සාකච්ඡාවේදී අදහස්‌ හුවමාරු කරගැනීමට නියමිත බව හෙතෙම පැවැසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.