නාමල්ගේ ලේකම්වරියට අත්අඩංගුවට ගත් සැනින් ඇප! (වීඩියෝ)

හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගවර්ස් කෝපරේට් සමාගමේ අධ්‍යක්ෂවරියක වන ඉරේෂා ද සිල්වා මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අද(09) අළුයම කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකාරිය රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියෝග කර ඇතැයි වාර්තාවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් මුදල් විශුද්ධිකරණය තුළින් උපයා ගත් මුදල්වලින් ගවර්ස් කෝපරේට් නැමැති සමාගමක රුපියල් මිලියන 30ක් වටිනා කොටස් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.
ඇයගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා සෑම මසකම අවසන් ඉරිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටිය යුතු බවටද දැනුම් දී තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.