රන්ජන් නොතිසී නැතුව උසාවි ගිහින්

අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අධිකරණයෙන් කිසිඳු නොතීසියක් තම සේවා දායකයාට ලැබී නොමැති බව රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්දිරම් මහතා අද(25) අධිකරණය හමුවේ පවසා ඇත. ඒ අද දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණීමෙන් අනතුරුවයි.
මාධ්‍යවල පලවු වාර්තා පදනම් කරගෙන අධිකරණයට කරන ගෞරවයක් වශයෙන් අද දින අධිකරණය හමුවේ පෙනී සිටි බව ඔහු වැඩි දුරටත් මෙහිදී කියා ඇත.
කෙසේ වෙතත් අධිකරණය පවසා සිටියේ වගඋත්තරකරුට මෙතෙක් නොතීසි යවා නොමැති බැවින් නොතිසී යැවීම අවශ්‍ය බවත් ඒ අනුව නොවැම්බර් මස 21 වන දින අධිකරණය හමුවේ නැවත පෙනී සිටින ලෙස රන්ජන් රාමනායක මහතාට නොතීසි නිකුත් කර තිබේ.
පසුගිය අගෝස්තු 21 මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් මෙරට බහුතරයක් නීතිඥයින් දූෂිතයින් බවට ප්‍රකාශ කළ බවත්, පාර්ලිමේන්තු නියෝජිතයෙකු මෙවැනි ප්‍රකාශයක් තුළින් මහජනායට නීතිය සම්බන්ධයෙන් ඇති විශ්වාසය බිඳ වැටීමට ඉඩ ඇති බවත්, ඒ තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව පවසමින් මාගල් කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ඊ. එම් පෙරේරා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *