සීමා එපා.. සෆාරි ජීප් රථ හිමියන්ගේ විරෝධතාව නිසා යාල සෆාරි නවතී!

යාල ජාතික වනෝද්‍යානයට දිනකට පිවිසිය හැකි සෆාරි ජීප් රථ  ප්‍රමාණය සීමාකිරීමට එරෙහිව යාල සෆාරි ජීප් රථ හිමියන් පසුගිය 23 වනදා සිට ආරම්භ කළ විරෝධතාවය ස්ථිර විසදුමක් ලැබෙන තෙක් ක්‍රියාත්මක කරනබව යාල සෆාරි  ජීප් රථ සංගම් පවසා සිටිනවා.
සෆාරි ජීප් රථ හිමියන් 23 දින සිට ක්‍රියාත්මක කර ඇති මෙම විරෝධතාවය නිසා යාල තුලට සෆාරි ජීප් රථ මගින් ඇතුල් වීමට අපේක්ෂාවෙන් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ඔවුන්ගේ රුචි කම මත බුන්දල වනෝද්‍යානයට හා වෙහෙරගල වනෝද්‍යානයට රැගෙන යනබවයි යාල සෆාරි   ජීප් රථ හිමියන්ගේ සංගමයේ ලේකම්  තරිදු ජයසිංහ පවසන්නේ.
කෙසේ නමුත් මෙම විරෝධතාවය අතර තුර විරෝධතාවය නොසලකා හැර   යාල ජාතික උද්‍යානයට සංචාරකයින් රැගෙන ගිය සෆාරි ජීප් රථ රියෙදුරෙකු හට ඊයේ (25) රාත්‍රී කිසියම් පිරිසක් පහරදී ඇති අතර පහරකෑමට ලක්වූ පුද්ගලයා මේ වනවිට රෝහල් ගත කර තිබෙනවා.
යාල ජාතික වනෝද්‍යානයට දිනකට පිවිසෙන වාහන ප්‍රමාණය  වැඩි වීම නිසා එහි පරිසර පද්ධතියට සිදුවන හානිය අවම කරගැනීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් යල කලාප අංක එක සදහා  දිනකට එක්වාරයකට වාහන 100 දක්වා සිමා කර ඇති අතර, ඒ අනුව උදේ, දවල්, සවස යන වාර තුනටම යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු කළ හැක්කේ වාහන තුන්සියයක් පමණක් වේ.
 
Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.