චීවරධාරී හිමිවරුන් පිරිසකගෙන් සමන්විත ‘රාවණා බලය’ නැමැති දේශපාලන සංවිධානයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවේ පසුගියදා ප්‍රකාශයක් සිදුකරන ලදී.
එහිදී එම චීවරධාරී හිමිවරුන් විසින් අතිපුජ්‍ය මහානායක හිමිවරුන්ට එරෙහිව සිදුකරනු ලබන නින්දා සහගත ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහු දැඩිව විවේචනය කර අතර, මහින්ද රාජපක්ෂගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් ඔවුන් 2010 මැතිවරණයට පෙර සිටම ක්‍රියාකළ අන්දම පෙන්වා දෙන ලදී.