ශ්‍රීලනිපය- ඒකාබද්ධය සන්ධාන දෙකකින්

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණවලට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය මුල්කරගත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ලෙස තරග කිරීමට තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් දේශපාලන පක්‌ෂ සමඟ පොදු ලාංඡනයකින් තරග කිරීම සම්බන්ධව සාකච්ඡා ආරම්භ කර ඇත.
ශ්‍රීලනීපය එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ කිසිදු සන්ධානගතවීමක්‌ සිදුනොවන බවත් 2020 දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්‌ඩුවක්‌ පිහිටුවීම සිය අරමුණ බවත් මහින්ද අමරවීර ඇමැතිවරයා පැවසීය. ඒ සඳහා දැනටමත් කුඩා පක්‌ෂ විස්‌සක්‌ පමණ එජනිස සමඟ එකතු වී ඇති බවත් හෙතෙම කීවේය.
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය පිරිසිදු පක්‌ෂයක්‌ බවත් ඇතැමුන් පක්‌ෂය විවේචනය කරමින් කෑ ගැසුවත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා කෙරෙහි ජනතාව ලොකු විශ්වාසයක්‌ තබා ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර පොදු ජන පෙරමුණ පොදු ලාංඡනයකින් තරග කරනවාද, නැතහොත් ඒ ඒ දේශපාලන පක්‌ෂ අතර සම්මුතියක්‌ ඇති කරගෙන පොහොට්‌ටුව ලකුණින් තරග කරනවාද යන්න පිළිබඳව මෙහිදී අවධානය යොමු වී තිබෙන බව බැසිල් රාජපක්‌ෂ මහතා සඳහන් කළේය.
වඩාත් වාසිදායක සුදුසු ක්‍රමය තෝරා ගෙන ඒ අනුව තරග කෙරෙන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ආශීර්වාදයෙන් එක්‌ ප්‍රතිපත්ති මාලාවක්‌ යටතේ තරග කිරීම යන ප්‍රධාන කරුණුවලට එම පක්‌ෂ මේ වන විට එකඟතාවකට පැමිණ තිබෙන බවද බැසිල් රාජපක්‌ෂ මහතා කීවේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *