ආන්දෝලනයට තුඩුදුන් ස්නොවී මවුන්ටන් ඉංජිනේරු සමාගම අසාදු ලේඛන ගතවුයේ ඇයි..?

ඉන්දියාවේ දී බංගලාදේශයේදී සහ ශ්‍රී ලංකාවේදී අයතු ගෙවීම් සිදුකල බවට චෝදනාවට ලක්ව ස්නොවී මවුන්ටන් ඉංජිනේරු කම්පැනි නම් වූ ඕස්ට්‍රේලියානු සමාගම් තාවකාලිකව අසාදු ලේඛන ගත කොට ඇත.
අදාළ සමාගම වසර ගණනාවක් සිට ලෝක බැංකු ආධාර මත දියුණු වෙමින් පවතිනා රටවල කරන්නාවූ විවිධ ව්‍යාපෘති අදාළ රටවල් වල රජයන් සමග මෙන්ම ලෝක බැංකු අතරද එකඟ තාවයන් මත ව්‍යාපෘති සඳහා තරඟකාරී මිල ගණන් ඉදිරිපත් කරමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලෙන සමාගමකි.
අදාළ සමාගම ලෝක බැංකුව තුල ව්‍යාපෘති ලබාගැනීම සඳහා ලෝක බැංකු නීතිරීති රෙගුලාසි වලට යටත්ව ලියාපදිංචි වී සිටින සමාගමකි.
ලෝක බැංකුව විසින් අදාළ සමාගම අසාදු ලේඛන ගත කිරීමේදී ඉන්දියාව බංගලාදේශය මෙන්ම විවධ ගනුදෙනු සඳහා පාදක වූ කාරනා සොයා බලා ඇත.ශ්‍රී ලංකාවේදී සිදුවූ යයි කියවෙන ලක්ෂ 25 ක මුදල් ඉල්ලීමක් පිළිබඳව අදාළ සාමගමේ ලංකාවේ සිටි නියෝජිතයා විසින් ඕස්ට්‍රේලියානු මව් සමාගමේ ප්‍රධානියා වෙත යවන ලද ඊමේල් පණිවුඩයක් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කිරීමත් සමගයි.
අදාළ ඊමේල් පණිවුඩයේ සඳහන්ව තිබුනේ ලෝක බැංකු ආධාරය යටතේ සංවර්ධනය සිදුකරන ව්‍යාපෘතියකට අප සමාගමට ශ්‍රී ලංකාව තුල ප්‍රමුඛ තාවය ලබාගැනීමට ශ්‍රී ලංකාවේ සිටින නියෝජිතයාගෙන් දේශෙපාලන පක්ෂයක් වෙනුවෙන් ආධාර මුදලක් ඉල්ලා ඇති බවයි.
එවකට වාරිමර්ග අමාත්‍යවරයා ලෙස සිටි පුද්ගලයා සමග සාකච්චා කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන් කරයි. කෙසේ වෙතත් අදාළ ඉල්ලීම සිදුකර ඇති බව මෙතෙක් තහවුරු වී නොමැත.
අදාළ චෝදනාව පිළිබඳව 2016 අගෝස්තු මාසයේදී ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදීන් ජනාධිපති කාර්යාලයෙන් විමසිමක් කර තිබේ. ඊට පිළිතුරු වශයෙන් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එවැනි ඉල්ලීමක් හෝ ගනුදෙනුවක් පිළිබඳව තමා කිසිදෙයක් දැනුවත් නොමැති බවත් කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව අදාළ ඊමේල් පණිවුඩය පිළිබඳව හෝ සිදුවීම පිළිබඳව පරික්ෂණයක් සිදු කරනවා නම් පුර්ණ සහයක් ලබාදෙන බවත් එමෙන්ම එවකට තම කාර්ය මණ්ඩලයේ සිටි යම් නිලධාරියකු සම්බන්ධ යයි සොයා බැලීමට අදාළ චෝදනා සහ සමාගම සතු හෝ වෙනත් අයකු සතුව තිබෙන තොරතුරු වේ නම් එය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත. කෙසේ වෙතත් ජනාධිපති කාර්යාලයෙන් අප කල විමසීමකදී දැනගන්නට ලැබුනේ මේ පිළිබඳව කිසිඳු තොරතුරක් ඕස්ට්‍රේලියානු රජයෙන් හෝ කිසඳු පාර්ශවයකින් ජනාධ්පතිවරයාට හෝ නියෝජිතයකුට තොරතුරු ඒවා නොමැති බවයි.
අදාළ සමාගම ලෝක බැංකුව තාවකාලික අසාදු හේතු ලේඛනගත කිරීමට හේතු පාදක වී ඇත්තේ ඉන්දියාව බංගලාදේශ ලංකාව මෙන්ම ලෝක බැංකු නීතිරීති රෙගුලාසි වලට අනුකුල නොවූ අවිධිමත් වියපෘති කටයුතු සිදුකර ඇති නිසයි.
ශ්‍රී ලංකාව සම්බන්ධව අදාළ ඊමේල් පණිවුඩය සැලකිල්ලට ගත ලෝක බැංකුව සමාගමේ නිලධාරීන්ට ප්‍රකශ කර ඇත්තේ සිය සමාගමේ නිලධාරියකු විසින් මෙවැනි ආකාරයේ ලෝක බැංකු නීතිරීති රෙගුලාසි උල්ලංගනය කරමින් අදාළ සමාගමේ ප්‍රධානියාට එවූ ඊමේල් පණිවුඩය පිළිබඳව ඔවුන් විසින් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම මුලිඛ කරගෙන ලෝක බැංකුව විසින් අසාදු ලේඛන ගතකොට ඇති බවයි.
කෙසේ වෙතත් අපකළ සොයා බැලීමකදී අදාළ සමාගම කිසිඳු ගෙවීමක් කිසිඳු පුද්ගලයකුට ලංකාව තුලදී සිදුකර නොමැති බවත් ලෝක බැංකුව හමුවේ කියා තිබුනත් සිය සමාගමේ නිලදාරියකු නීතියට පටහැනි ඊ මේල් පණිවිඩයක් එවීම සම්බන්දව ක්‍රියාත්මක නොවීම සාමාගම වැරදි කරුවන් බවට පත්ව ඇත. මේ අනුව නිදහසට කරුණු දක්වමින් එය නිදොස් කොට ලංකාව තුල ක්‍රියාත්මක වීමට අසාදු ලේකනයෙන් නම ඉවත් කරගත හැකිබව අදාල සමාගමට දන්වා ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.