බිත්තර මිල පහළ යාමට පිළියම්

මේ දිනවල දිවයින පුරා පවතින බිත්තර මිල පහළ යාමට පිළියමක්‌ වශයෙන් ක්‍රියාමාර්ග කීපයක්‌ ගැනීමට පාලිත සහ පාලක දෙපාර්ශවයම තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් කුකුළු බිත්තර නිෂ්පාදනය කරනු ලබන වයඹ පළාතේ කුකුළු ගොවිපළ හිමිකරුවෝ පසුගියදා හෙට්‌ටිපොල ප්‍රජා ශාලාවට එක්‌වූහ. සමස්‌ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම අවස්‌ථාව බිත්තර නිෂ්පාදකයන්ට අමතරව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, පළාත් කෘෂිකර්ම හා සත්ත්ව නිෂ්පාදන අමාත්‍ය සුමල් තිසේරා යන ප්‍රදේශයේ දේශපාලකයින් කිහිප දෙනෙක්‌ ද මෙම අවස්‌ථාව සඳහා සහභාගී වූහ.
එහිදී සිදුවූ සාකච්ඡාවට අනුව බිත්තර ගොවීන් අසරණ බවට පත්වන අන්දමට මිල පහළ යැමට හේතුවී ඇත්තේ සතුන්ගේ ආහාර මිල ගණන් ඉහළ යැම සහ රටට අවශ්‍ය ප්‍රමාණය ඉක්‌මවා යන අයුරින් බිත්තර නිෂ්පාදනය ඉහළ යාමත් බව හෙළිවිය.
ඒ අනුව බිත්තර ගොවීන්ගේ පාර්ශවයේ මාස හයක්‌ ගතවන තෙක්‌ අලුතෙන් පැටවුන් නො යෙදීමටත් නවීන ක්‍රමයක්‌ වන බැටරි “ක්‍රේඡ්” නමින් හඳුන්වනු ලබන අඩු ඉඩ ප්‍රමාණයක්‌ භාවිත කරමින් සිදු කරනු ලබන කුකු=ළු පාලන ක්‍රමය ඉදිරියේදී අලුතින් ආරම්භ නොකිරීමටත් සෑම ගොවියකු විසින්ම තම ගොවිපළේ සිටින සතුන්ගෙන් සියයට පහක හෝ ප්‍රමාණයක්‌ එයින් ඉවත් කිරීමටත් සාකච්ඡා විය. එසේ කිරීමෙන් බිත්තර නිෂ්පාදකයාත් පාරිභෝගිකයා හටත් අපහසුතාවයක්‌ නොවන අයුරින් මෙම කර්මාන්තය පවත්වා ගෙන යැමට තීරණය විය.
පාලක පක්‍ෂයේ තීරණයට අනුව වයඹ පළාත් සභාව හරහා මධ්‍යම රජය දැණුවත්කර සතුන්ගේ ආහාර වෙනුවෙන් සිදු කරනු ලබන අධික බද්ද අඩුකර ගැනීමටත් පිට ප්‍රදේශවලින් වයඹ පළාත තුළ අලෙවි වන කුකුළු පැටවුන් පළාත් සභාව හරහා අලෙවි කිරීම සිදුකර අවශ්‍ය ප්‍රමාණයට පමණක්‌ කුකුළන් ඇතිකිරීම සිදු කිරීමටත් අතිරික්‌ක බිත්තරවලින් ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක්‌ ඇතිකර දැනට පිටරටින් ආනයනය කරනු ලබන බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය බිත්තර පිටි මෙහි නිපදවීමට ද තීරණය විය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.