සම්මුතීන් අනුව ශ්‍රී ලංකාවට සරණාගතයින් සම්බන්ධයෙන් වගකීමක් දැරිය නොහැකියි

1951 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ඇති කර ගත් සම්මුතියක් අනුව ලංකාවට සරණාගතයින් සම්බන්ධයෙන් වගකීමක් දැරිය නොහැකි බව වරාය සහ නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
ඊයේ(03) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
පසුගිය දා නාවික හමුදාව විසින් අත්අඩංගුවට පත් පිරිස සම්බන්ධයෙන් ඇතැම් අන්තවාදීන්, පටු දේශපාලන ලාභයන් වෙනුවෙන් ක්‍රියා කරමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ජාත්‍යන්තර වශයෙන් එලෙස නීතිය ක්‍රියාත්මක වුවත් මානුෂීය වශයෙන් ලංකා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ජාත්‍යන්තරය පවා සතුටු වන බව ද කියා සිටි අමාත්‍යවරයා, එක්සත් ජාතීන්ගේ ආයතනයට බාරදුන් පසුව රජයක් ලෙස සරණාගතයින් සම්බන්ධයෙන් කිසිවක් ඉටු කිරිමට බැඳී නොමැති බව ද පවසා සිටියේය.
අතීතයේ සිටම සරණාගතයින් 700 ක් පමණ පැමිණ ඇති බවත් ඔවුන් ලංකාවේ අදට ද ජීවත් වන අතර මෙවර පැමිණි 30 දෙනා සම්බන්ධයෙන් පමණක් නොයෙක් අර්ථ කථන ලබා දෙමින් සමාජ අරගලයක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සහ ගන්නා බව ද පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.