ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් සයිටම් ආයතනය ආරම්භ කළ ආකාරයට ඇතැම් පුද්ගලයින් කටයුතු කරන බවත්, රජයේ මුදල්වලින් උගත් වෛද්‍යවරුන් වැඩ වර්ජනය කර රෝගීන් අපහසුතාවයට පත්කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී රජය වගකීමෙන් කටයුතු කරන බවත් අධිකරණ හා විදේශ රැුකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය.
අමාත්‍යතුමිය මේ අදහස් පළකළේ, පසුගියදා රත්නපුර ප‍්‍රදේශයේ ඇතිවූ ගංවතුර උවදුර නිසා හානියට පත් රත්නපුර , ඇලපාත දම්බුලූවන මහා විද්‍යාලයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණයට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය,
අද සයිටම් කියලා එකක් පටන් ගෙන මුළු රටේම මිනිස්සු අපහසුතාවයට පත්කරමින් රටේ ලොකු ප‍්‍රශ්නයක් ඇතිකරගෙන යනවා. සයිටම් පටන් ගත්තේ මෛති‍්‍රපාල සිරිසේන මහත්තයා වගේ තමයි අද සමහරු කතාකරන්නේ. සයිටම්වල ලොකුම ප‍්‍රශ්නය තමයි ඒක පටන් ගන්නත් මේ රටේ මිනිස්සුන්ගේ මුදල් බිලියන 3ක් දීලා තියෙනවා ලංකා බැංකුවේ ණයක් හැටියට. ඒවා අයකර ගන්නේ කොහොමද. මේ රටේ මිනිස්සුන්ගේ සල්ලිවලින් ඉගෙන ගෙන වෛද්‍යවරු වෙලා උදේට රජයේ පාසල්වල වැඩ කරන එක නතර කරලා හවසට පෞද්ගලික චැනලින් සෙන්ටර් දාගෙන ඉන්නවා. වෛද්‍යවරු කිව්වම අපි විශ්වාස කරන්නේ ඉතාම හොඳ වෘත්තියක් කියලා. මේ වෘත්තියේ වටිනාකම කොහෙද තියෙන්නේ. උදේට රජයේ රෝහලේ වැඩ කරන්නේ නෑ. මුදල් උපයන්න හවස වැඩ කරනවා. මේ අය මේ කි‍්‍රයාත්මක වෙන්නේ දේශපාලන අරමුණු කරා රට මෙහෙයවන්න. රජයක් හැටියට ඒ අය ගැනත් ඉදිරියේදී වගකීමෙන් කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” ලෙස ප‍්‍රකාශ කළාය.
තමාට අයත් නොවන විෂයක් මෙන්ම අමාත්‍ය රාජිත සේනාරත්නගේ ක්‍රියාකලාපය හේතුවෙන් රටේ ජාතික ප්‍රශ්නයක් බවට පත්වුණු සයිටම් ප්‍රශ්නය සඳහා ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය මෙලෙස පැටලීමට යාම එය තවත් උග්‍ර කරගැනීමේ අවස්ථාවක් බවට මෙය පත්විය හැක.