කිසිඳු දැනුම්දීමකින් තොරව දුම්රිය රියදුරන්ගේ හා නියාමකවරුන්ගේ වැඩ වර්ජනයක් හේතුවෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලුම දුම්රියන් අවලංගුකර ඇත. මෙම වර්ජනය හේතුවෙන් මේ වන විට දුම්රිය ස්ථානයේ අසීරුතාවයට පත්ව ඇති මඟීන් අතර උණුසුම්කාරී තත්ත්වයක්ද මතුව ඇති අතර ආරක්ෂාව සඳහා වීශේෂ පොලිස් කණ්ඩායම් ද යොදවා ඇති බවට වාර්තාවේ.
මෙම වර්ජනයට හේතු වී ඇත්තේ දුම්රිය රියදුරන් සමඟ ඉදිරිපස අසුනේ එකට ගමන් කරන දුම්රිය නියාමකවරුන්ගේ වෘත්තීය මට්ටම සම තත්වයට ගෙන ඒමට ලබාදුන් තීන්දුවක් බව සඳහන්. එහෙත් නියාමකවරුන්ගේ වැටුප, දුම්රිය රියදුරන්ගේ මට්ටමට ගෙන ඒමට බලධාරීන් ක්‍රියාකොට නොමැති අතර මෙසේ තමන් හා සම ශ්‍රේණියේලා සැලකීමට කටයුතු කිරීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය කොට ගෙන ඇත.
21 වන සියවසේ ජීවත් වුවද හණමිටි අදහස් හා මතවාදයන් හි ජීවත්වන මෙවැනි අයවලුන් නිසාවෙන් මුළු මහත් ජනතාව පීඩාවට සහ හිංසනයට ලක්වනු ඇත. එසේම ඉදිරියට නොව රට යළි ආපස්සට ගමන් කරනු ඇත.