අතුරුදහන් වූ වාරියපොළ දරුවාත් හමුවෙයි (වීඩියෝ)

වාරියපොල – පාදෙණිය ප්‍රදේශයේදී අතුරුදන්වූ බව කියන 14 හැවිරිදි පාසල් සිසුවා කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේදී වේල්ලවීදිය පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ඊයේ (21) උදෑසන අදාළ සිසුවා වේල්ලවිදීය පොලීසිය බාරයට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
මීට සතියකට පමණ ඉහතදී මෙම සිසුවා අතුරුදන්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහුගේ දෙමාපියන් වාරියපොල පොලීසියේ පැමිණිල්ලක් ද සිදු කර තිබේ.
පාදෙණිය ප්‍රදේශයේ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අදාළ සිසුවා පවුලේ වැඩිමහල් දරුවා වන අතර ඔහුට සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකු ද වන බව සඳහන්ය.
මෙම සිසුවා පසුගිය සෙනසුරාදා දිනයේ සිය මිත්තනියගේ නිවසට යන බව පවසා නිවසින් බැහැරව ගොස් ඇති අතර එදින සිට අද දක්වා ඔහු පිළිබඳ කිසිඳු තොරතුරු සොයා ගැනීමට හැකි වී නැත.
දරුවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ පාර්ශව කිහිපයකින් පොලීසිය ප්‍රකාශ ද සටහන් කර ගෙන තිබේ.
මෙම දරුවා ඊයේ පොලිස් නිලධාරීන් විසින් සොයා ගත් අතර වේල්ලවීදිය පොලීසිය භාරයේ රඳවා ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන බව පොලීසිය සඳහන් කළේය.
ඉන් අනතුරුව මොහු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් පී.ඩී.පෙරේරා මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත එම දරුවාගේ පියාට භාරදෙන ලදී.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.