ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊයේ(11) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී එම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තාවේ.
නව ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධයෙන් මෙහිදී ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින් ජනාධිපතිවරයාව දැනුවත් කර තිබේ.
නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබදව තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙම හමුව සිදුව තිබේ.
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, දේශපාලන මණ්ඩල සභිකයන් වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, නිරෝෂන් ප්‍රේමරත්න, මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.