පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශය පක්ෂයේ මතය නොවන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා පවසයි.
එය මන්ත්‍රී වරයාගේ පෞද්ගලික අදහසක් බව ඊයේ(25) ගම්පහ දී මාධ්‍ය හමුවක් පවත්වමින් පියසිරි විජේනායක මහතා පැවසීය.
මෙම ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් බවත් මේ තුළින් රටේ පවතින සාමකාමී වාතාවරණයට ගැටළුවක් ඇති වන බවත් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වු විගස මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතියෙන් සමාගවගත යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කරන බවද එතුමන් වැඩිදුරටත් පැවසීය.
මේ වන විට ජාතික නිදහස් පෙරමුණ තුළ පිල් බෙදීමක් ඇති අතර ඩීල් කාරයෙකු සහ දේශපාලනිකව අවලංගු කාසියක් බවට පත්වූ විමල් වීරවංශව නෙරපා දමා වෙනත් නායකයෙකු පත් කර ගතයුතු බව එම පක්ෂයේ බහුතරයකයේ මතය බවද වාර්තාවේ.