අද මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය ආහාර කිහිපයක මිල පහළට


අද මධ්‍ය රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකර ඇති බව, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළා.
ඒ අනූව, ආනයනික භාණ්ඩ සඳහා පනවා තිබූ, විශේෂ වෙළද භාණ්ඩ බද්ධ පරිප්පු, හාල්මැස්සන්, අර්තාපල්, ලොකුලූණු සහ පොල් තෙල්, ෆාම් ඔයිල් යන භාණ්ඩ සඳහා අඩු කර තිබෙනවා.
එය ප්‍රකාශයට පත් කෙරුණා, මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවක දී. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හා රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.
හාල්මැස්සන් ආනායන බදු
පවතින බද්ද කිලෝ ග්‍රෑමයට රුපියල් 11යි.
අඩුකල බද්ද කිලෝග්‍රෑමට රුපියල් 10යි.
නව බද්ද කිලෝ ග්‍රෑමයට රුපියල් එකයි.
අර්තාපල්
පවතින බද්ද කිලෝ ග්‍රෑමයට රුපියල් 40යි.
අඩුකල බද්ද කිලෝග්‍රෑමට රුපියල් 39යි.
නව බද්ද කිලෝ ග්‍රෑමයට රුපියල් එකයි.
ලොකු ලූණු
පවතින බද්ද කිලෝ ග්‍රෑමයට රුපියල් 40යි.
අඩුකල බද්ද කිලෝග්‍රෑමට රුපියල් 39යි.
නව බද්ද කිලෝ ග්‍රෑමයට රුපියල් එකයි.
පරිප්පු සම්පූර්ණ (පියලි සහිත)
පවතින බද්ද කිලෝ ග්‍රෑමයට රුපියල් 10යි.
අඩුකල බද්ද කිලෝග්‍රෑමට රුපියල් 09යි.
නව බද්ද කිලෝ ග්‍රෑමයට රුපියල් එකයි.
පරිප්පු පියලි කළ
පවතින බද්ද කිලෝ ග්‍රෑමයට රුපියල් 15යි.
අඩුකල බද්ද කිලෝග්‍රෑමට රුපියල් 12යි.
නව බද්ද කිලෝ ග්‍රෑමයට රුපියල් 03යි.
ශුද්ධ නොකළ ෆාම් තෙල් හා එළවලු තෙල්
පවතින බද්ද කිලෝ ග්‍රෑමයට රුපියල් 110යි.
අඩුකල බද්ද කිලෝග්‍රෑමට රුපියල් 15යි.
නව බද්ද කිලෝ ග්‍රෑමයට 95යි.
ෆාම් ඔලේන්
පවතින බද්ද කිලෝ ග්‍රෑමයට රුපියල් 150යි.
අඩුකල බද්ද කිලෝග්‍රෑමට රුපියල් 15යි.
නව බද්ද කිලෝ ග්‍රෑමයට 100යි.
ෆාම් ස්ටියරින්
පවතින බද්ද කිලෝ ග්‍රෑමයට රුපියල් 110යි.
අඩුකල බද්ද කිලෝග්‍රෑමට රුපියල් 15යි.
නව බද්ද කිලෝ ග්‍රෑමයට 95යි.
ශුද්ධ කළ පාම් තෙල්
පවතින බද්ද කිලෝ ග්‍රෑමයට රුපියල් 135යි.
අඩුකල බද්ද කිලෝග්‍රෑමට රුපියල් 25යි.
නව බද්ද කිලෝ ග්‍රෑමයට 110යි.
පොල් තෙල්
පවතින බද්ද කිලෝ ග්‍රෑමයට රුපියල් 130යි.
අඩුකල බද්ද කිලෝග්‍රෑමට රුපියල් 25යි.
නව බද්ද කිලෝ ග්‍රෑමයට 105යි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.