ආන්දෝලනාත්මක මලික් – විමල් රහස් කතාවේ CCTV දර්ශන පරික්ෂාවට.

එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ යන මහත්වරුන් අතර කොළඹ “Otters Club” හී  මීට තෙදිනකට පෙර රාත්‍රියේ සිදු වූයේ යැයි කියන රහස් හමුව පිළිබද තොරතුරු හෙළිවීමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ දැඩි අර්බුදකාරී තත්වයක් උද්ගත වී තිබේ.
මේ රහස් හමුව පිළිබද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුකර ඇති අතර මේ පිළිබද තොරතුරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද වාර්තාවී තිබේ.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මෙසේ මලික් සමරවික්‍රම මහතා හමුවී ඇත්තේ ඔහුගේ බිරිය වන ශශී වීරවංශ මහත්මියගේ බලකිරීම මත බවට රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන සිටියි.
මේ රහස් හමුව සිදු වූ දිනයේ  “Otters Club”  හී “CCTV” කාමර පරික්ෂා කිරීම සදහා ආණ්ඩුවේ ප්‍රබල නායකයෙකු ප්‍රබල ආරක්ෂක අංශ සාමාජිකයන්පිරිසක් යවා ඇති බවද දැනගන්නට තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.