කිලිනොච්චියේ සොහොන් බිම‌ ඉදිකිරීම අත්හිටුවීමට නියෝගයක්‌!

විමධ්‍යගත අරමුදල් භාවිතා කරමින් කිලිනොච්චිය – කනකපුරම් ප්‍රදේශයේ විනාශ වී ගිය එල්. ටී. ටී. ඊ. සොහොන් බිමක්‌ ඉදිකිරීමට යෝජිත ඉහත ව්‍යාපෘතිය පිළිබඳව කිලිනොච්චිය දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාගෙන් වහාම වාර්තාවක්‌ කැඳවන බවත්, එසේ යම් ඉදිකිරීමක්‌ සිදු කෙරෙන්නේ නම් එය තාවකාලිකව නතර කරන ලෙස උපදෙස්‌ ලබාදී ඇති බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
පුවත්පත් විසින් වාර්තා කර තිබූ මෙම කරුණ පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද දැනුවත් කළ අතර එතුමාගේ උපදෙස්‌ පරිදි මෙහිදී විමධ්‍යගත අරමුදල් අවභාවිතාවක්‌ සිදුවී දැයි සොයා බලන ලෙස අදාළ අංශ දැනුවත් කළ බව ද ඇමැතිවරයා කියයි. සාමාන්‍යයෙන් විමධ්‍යගත අරමුදල් භාවිතා කිරීමේදී ඒ සඳහා නිශ්චිත රාමුවක්‌ පවතින අතර, එය ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිර්ණායකයන්ට යටත් විය යුතුයි. ජාතික සංහිඳියාවට බාධාවන කටයුත්තක්‌ සඳහා විමධ්‍යගත අරමුදල් භාවිතා කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.