කු.පා.ම මහින්ද මවිබිම පවාදෙයි – මහින්දගේ චෝදනා ගැන සොයන්න විදේශිකයන් ලංකාවට..

කු.පා.ම මහින්ද රාජපක්ෂගේ චෝදනා පත්‍රයක් අධ්‍යයනය කිරීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ආණ්ඩුවෙන් සිදු වන බව කියන හිරිහැර, එල්ලවන පීඩන සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සොයා බැලීමක් කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ ප්‍රධානීන් පිරිසක් ලබන 11 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඒකාබද්ධ විපක්ෂය, පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය වෙත කළ පැමිණිල්ලට අදාළව කරුණු දැක්වීම සඳහා දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන සහ දිලුම් අමුණුගම ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයන් පිරිසක් පොදු රාජ්‍ය මණ්ඩලයේ රැස්වීමක් පැවැත්වෙන බංග්ලාදේශයට යෑමට සිටියද ඔවුන්ට එහි නොඑන ලෙසත්, මේ සම්බන්ධයෙන් සොයා බැලීමට එම සංගමයේ ප්‍රධානීන් පිරිසක් මෙරටට පැමිණෙන බවත් දැනුම්දී තිබේ.
හොරුන් අත්අඩංගුවට ගැනීම සහ රිමාන්ඩ් භාරයට පත් කිරීම, විදේශ ගමන් තහනම් කිරීම,  ඇතුළු කරුණු පිළිබඳව මහින්ද ප්‍රමුඛ විපක්ෂය එම සංගමයට ලිඛිත පැමිණිල්ලක් කොට තිබිණි.
පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය මෙවැනි කාරණාවක් සම්බන්ධව සොයා බැලීම පිණිස ශ්‍රී ලංකාවට මෙසේ පැමිණීම විශේෂත්වයකි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.