කොතරම් අවලාද නැගුවත්, දූෂණ හා වංචා පිටුදැකීම මාගේ අධිෂ්ඨානයයි – ජනපති (Video)

බැඳුම්කර කොමිසම පත්කිරීම පිළිබඳ ආණ්ඩුවේ සුළු පිරිසක් විසින් තමන්ට චෝදනා සහ විවේචන එල්ල කළ ද, තමන් එය සිදුකරන ලද්දේ යහපාලන රජයක් ලෙස සමාජ සාධාරණත්වය ඉටුකරමින් වංචා දූෂණ පිටුදැකීම සඳහා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (08) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේ පැවති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි දෙවැනි ගුණ සමරු උත්සවය අමතමිනි.
මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ඒ සඳහා වැරදිකරුවන් වන සියලුදෙනා වගකිව යුතු බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා පැවති දූෂිත පාලනය වෙනස් කර යහපාලනයක් සඳහා වූ ඉතා පවිත‍්‍ර චේතනාවෙන් යුතුව යහපාලන රජය ගොඩනගාගත්තේ පසුගිය යුගයේ සිදුකළ වැරදි නැවත සිදුකිරීමට නොවන බව ද අවධාරණය කළේය.
සම්මුතිවාදී ආණ්ඩුවක් ලෙස යහපාලන සංකල්පය උදෙසා මෙන්ම සමාජ සාධාරණත්වය ඉටුකිරීම උදෙසා සියලුදෙනා කැපවිය යුතු අතර, එහිදී නීතියේ ආධිපත්‍යය ද සැමට සමාන විය යුතු බවත්, වැරදිකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මකවීම ද නිසි ලෙස සිදුවිය යුතු බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය.
තමා ජනාධිපති ධූරයට පත්වූයේ ඕනෑම මොහොතක එම ධූරයෙන් ඉවත්ව යාමට සූදානමින් බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා තමන් විසින් නිවැරදිව සිදුකරනු ලබන කටයුතු සඳහා සහයෝගය ලබාදීම ආණ්ඩුවේ සියලුදෙනාගේ වගකීමක් බවද ප‍්‍රකාශ කළේය.
ලබන ජනවාරි 08 වනදාට වසර 03 ක් සපිරෙන යහපාලන රජය විසින් ඉටුකරන ලද යහපත් දේ ජනතාව අතරට ගෙන යා යුතු මෙන්ම ආණ්ඩුවේ ඇතැම් සුළු පිරිසක් විසින් සිදුකරන ලද වැරදි නිවැරදි කර ගනිමින් යහපත් ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාමට තවමත් අවස්ථාව පවතින බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
පූජ්‍ය මාදුළුාවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ වෙත සිදුකළ හැකි ඉහළම උපහාරය වන්නේ උන්වහන්සේගේ දැක්ම, දර්ශනය හා අපේක්ෂාව වූ සාධාරණ සමාජයක් ගොඩනැගීමට සියලුදෙනා කැපවීම බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු වටරවුමේ ඉදිකෙරෙන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ පිළිරුව සඳහා අද මුල්ගල් තැබුණේ ද ජනාධිපතිතුමා අතිනි.
අනතුරුව අපේගම පරිශ‍්‍රයේදී ප‍්‍රධාන ගුණසමරු උත්සවය පැවැත්විණි.
කෝට්ටේ ශ‍්‍රි කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, පෑලියගොඩ විද්‍යාලංකාරාධිපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙල්ලන්විල විමලරතන, පූජ්‍ය තීනියාවල පාලිත යන ස්වාමින් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, රාජ්‍ය නිලධාරින්, සිිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද, මාදුළුවාවේ සෝභිත හිමි ගුණ සමරු කමිටුවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවන ගුණ සැමරුම් උත්සවයේදී ජනාධිපතිතුමා කළ කතාව
2017.11.08 වන දින බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේදී
අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අපවත්වීමෙන් දෙවසරක් පිරෙන අවස්ථාවේ උන්වහන්සේ සිහිපත් කරමින් මේ ගුණසමරු උළෙල පවත්වන්නේ. උන්වහන්සේ සිහිපත් කරමින් ස්මාරකයක් ඉදිකිරීමත් උන්වහන්සේ රටේ ජාතියේ අනාගතය සඳහා කළ උතුම් ශාසනික සේවාව ජාතික සේවාව සමාජ සේවාව වගේම උන්වහන්සේගේ මානවවාදී උතුම් ගුණාංග සිහිපත් කරමින් තමයි අද අපි උන්වහන්සේ සමරනු ලබන්නේ.
උන්වහන්සේ රෝගාතුර වෙලා හදිසියේම අපවත් වෙයි කියලා අපි කිසිවිටකත් බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් ලෝක ධර්මතාවය තුළ උන්වහන්සේ අපි බලාපොරොත්තු නොවුණු අවස්ථාවක රෝගාතුර වෙලා අපවත්වී වදාළා.
උන්වහන්සේ මම දන්නේ මීට අවුරුදු 25 කට විතර පෙර සිටයි. ශාසනික සේවාව වගේම සමාජය තුළ තිබෙන ගැටලූවලදි ඒවා නිරාකරණය කර ගන්න, යුද්ධය පැවති වකවානුව තුළ යුද්ධය පැවති ප‍්‍රදේශවල ගමක් පාසා ගොස් ඒ ප‍්‍රදේශවල ජනතාවගේ සුබසාධනය ඇති කරන්න, යුද්ධයෙන් පීඩාවට පත් වුණු ජනතාවගේ දුකසැප සොයා බලන්න, උන්වහන්සේ විශාල කැපවීමකින් කටයුතු කළා. ඒවගේම රට තුළ ඇති වුණු දේශපාලන විෂමතාවයන් නිවැරදි කරන්න, පසුගිය කාලසීමාව තුළ ඇති වූ රටේ දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගෙන යහපත් රාජ්‍ය පාලනයක් සඳහා රටට අවශ්‍ය දේශපාලන පෙරළියක් සඳහා රටට අවශ්‍ය දේශපාලන විප්ලවයක් සඳහා රටට අවශ්‍ය දේශපාලන පරිවර්තනයක් සඳහා පොදුජන මතය ගොඩනගන්නට උන්වහන්සේ නායකත්වය දුන්නා. ඒ දේශපාලන පක්ෂයක ප‍්‍රතිපත්තියක් මත පිහිටා නොවෙයි. එය සිදුකළේ දේශපාලන පක්ෂයක දර්ශනයක් අනුව නොවෙයි. පැහැදිලි ලෙසම සමාජ සාධාරණත්වය ඉටු කර ගැනීමේ විශිෂ්ට මානවවාදී ගුණාංගය මත තමයි උන්වහන්සේ කටයුතු කළේ. එහි ඉතා වැදගත් පියවරක් වශයෙන් තමයි පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් පිළිබඳව සංකල්පය, අදහස, මතය මුල්කරගෙන ඒ සඳහා නායකත්වය දෙමින් ඒ සඳහා එකතු කළ යුතු, එකතු කළ හැකි දේශපාලන සංවිධාන, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන, විවිධ සමාජ සේවා ආයතන, විවිධ පුද්ගලයින් ඒකරාශී කරමින් ඉතාමත්ම සාර්ථක මෙහෙයක් ඉටු කරනු ලැබුවේ. උන්වහන්සේගේ උත්සාහය ප‍්‍රතිඵල සහිත වුණා. ඵලදායී වුණා.
මගේ මතකයේ හැටියට විධායක ජනාධිපති ක‍්‍රමය ආරම්භ වූ අවස්ථාවේ සිටම ඊට ඇති වුණු විරෝධය වගේම ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට පවත්වපු 1982 පළවෙනි මැතිවරණයේ සිටම 88 මැතිවරණයේ සිටම ඒ සෑම අවස්ථාවකම පොදු අපේක්ෂකයෙක් පිළිබඳව මතයක් රට තුළ ගොඩනැගුණා. නමුත් ඒ එකම ජනාධිපතිවරණයකදිවත් පොදු අපේක්ෂක සංකල්පය ජයග‍්‍රහණය කරන්න පු`ථවන් වුණේ නැහැ. උන්වහන්සේගේ ඒ උතුම් ශ්‍රේෂ්ඨ නායකත්වය සහ ඊට දායකත්වය දුන්, අනුග‍්‍රහය දුන්, ඊට එක් වුණු සෑම කෙනෙක්ම කරන ලද ඒ කැපකිරීම හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදි එම අදහස ජයග‍්‍රහණය කළා.
පොදු අපේක්ෂකයෙක් තෝරා ගැනීමේ අරමුණ ජයගැනීමත්, මැතිවරණයට මුහුණ දීමත්, මැතිවරණ ජයග‍්‍රහණත් පහසු කාර්යයන් නොවෙයි. ඒවා ඉතාමත් අභියෝගාත්මක වූ ඉතාමත් සංකීර්ණ වූ ගැටලූ සහගත වූ කාර්යයන් බවට පත්වී තිබුණා. නමුත් මේ රටේ ජනතාවගේ ආශිර්වාදයෙන් ඊට නායකත්වය දුන්න අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා ඇතුළු සියලූ දේශපාලන නායකයින්, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තිය සමිති, ආගමික සංවිධාන ඒ සඳහා විශාල කැපවීමක් කළා. එහි ප‍්‍රතිඵලයක් විදියට තමයි මේ රටේ මැතිවරණ ඉතිහාසයේ රාජ්‍ය බලය, රාජ්‍ය සම්පත්, රාජ්‍ය දේපල, කිසිඳු ආකාරයකට අයථා විදියට පාවිච්චි නොකර මීට පෙර කිසිම මැතිවරණයක තිබුණු තත්ත්වයට වඩා ඉතාමත්ම බලවත් ලෙස රාජ්‍ය බලය, රාජ්‍ය දේපල, රාජ්‍ය වත්කම්, රාජ්‍ය භාණ්ඩාගාරය, රාජ්‍ය මාධ්‍ය ඒ සියල්ලම පාවිච්චි කරපු අපේක්ෂකයෙකු සමග අප ඒ මැතිවරණ ව්‍යාපාරයට මුහුණ දුන්නේ.
මේ රටේ කිසිම ජනාධිපතිවරයෙකුට, කිසිම අගමැතිවරයෙකුට මැතිවරණ ව්‍යාපාරයේදී මැතිවරණ වේදිකාවකදි ප‍්‍රතිවාදීන්ගෙන් ගල් මුල් එල්ල වෙලා තිබුණේ නැහැ. ඔබට මතක ඇති පැල්මඩුල්ල රැුස්වීමෙදි මම කතා කරන වෙලාවේ තමයි ඒ රැුස්වීම කඩාකප්පල් කරන්න විශාල ගල්මුල් ප‍්‍රහාර සහ ප‍්‍රචණ්ඩත්වය ම්ලේච්ඡුත්වය ක‍්‍රියාත්මක වුණේ. ඒවගේම මම කතා කරන්න සිටි ඇතැම් වේදිකාවල් ගිනි තිබ්බා. රාජ්‍ය මාධ්‍ය කිසිදු මැතිවරණයකදි හැසිරුණේ නැති ආකාරයට ඉතාම අසීලාචාර ලෙස හැසිරුණා. කරන්න පුළුවන් ඉහළම චරිත ඝාතන කළා. රජයේ මුදල් මැතිවරණ ව්‍යාපාරයට යෙදෙව්වා. ඒ සියල්ලත් සමග අවසානයේ ජනතාව ජයග‍්‍රහණය කළා. ඒ ජනතාව ජයග‍්‍රහණය කළ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා රජය භාරගත් අයගේ කැපවීම කොතෙක් ලැබී තිබේද කියන කාරණාව අප විසින් සමාලෝචනය කළ යුතු වෙනවා. අප විසින් අධ්‍යයනය කළ යුතු වෙනවා.
මහාචාර්ය සරත් විජේසූරිය මැතිතුමා කළ දේශනය මම හොඳින් අහගෙන සිටියා වගේම එතුමාගේ පොතේ තියන එතුමා මෙතනදි කියපු නැති පිටු ටිකක් මම මෙතන ඉඳන් දැන් කියෙව්වා. සරත් විජේසූරිය මැතිතුමාගේ කතාවත් එතුමාගේ ඒ කතාව සඳහන් වෙලා තිබෙන පොතත් ඒක යෝජනාවක් නම් ඒ යෝජනාව මම අද ස්ථිර කරනවයි කියලා මම බොහෝම පැහැදිලිව කියනවා. ඒකට ඡුන්ද විමසීමක් තියනවා නම් මම එක අතක් නෙවෙයි. අත්දෙකම උස්සනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. මට කිව හැකි දේවල් වගේම කිව නොහැකි දේවලූත් තිබෙනවා. ඒ වැරදි ¥ෂිත පාලනයක් පෙරලලා අපි ආණ්ඩුවක් පිහිටෙව්වේ ඇයි. සාමාන්‍යයෙන් රටේ පොදු ජනතාව අපේ ආණ්ඩුවට ආදරයට කතා කරන අය කියනවා යහපාලන ආණ්ඩුව කියලා. ආණ්ඩුව අපහාසයට සහ උපහාසයට ලක් කරන අය කියනවා යහපාලන ආණ්ඩුව කියලා. ඒ යහපාලන සංකල්පය යහපාලනය කියන අකුරු පහ පිළිබඳව කොච්චර අපිට පොත් ලියන්න පු`ථවන්ද? යහපාලනය කොච්චර විග‍්‍රහ කරන්න පුළුවන්ද? යහපාලනය පිළිබඳව විවිධාකාරයෙන් කතා කරන්න පු`ථවන්ද? වැරදි කරපු මිනිස්සුන්ට අපේ ඇ`ගිල්ල දික් කරනවා වගේම වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් දිය යුතුයි වගේම අපේ වැඬේ අපි හරියට කරනවද කියන කාරණාව පිළිබඳව අපි අපේ හෘද සාක්ෂියෙන් අහන්න ඕනෑ. ඒකයි ඇත්ත තත්ත්වය. මම ඒකයි කිව්වේ සරත් විජේසූරිය මැතිතුමාගේ කතාව මම සීයට සීයක් අනුමත කරනවා කියලා. යෝජනාවක් නම් ඒක ස්ථිර කරනවයි කියලා.
මම මගේ මට්ටමින් කළ හැකි බොහෝ දේවල් කරලා තියෙනවා. කරගෙන යනවා. ලබන ජනවාරි 08 වන විට අවුරුදු තුනක් පිරෙන ආණ්ඩුවේ අපි ලබපු ජයග‍්‍රහණ රාශියක් තිබෙනවා. අපි ලබපු ජයග‍්‍රහණ ගැන අපි කතා කරන්නෙත් නැහැ. අපි ලබපු ජයග‍්‍රහණ ආණ්ඩුවේ මැති ඇමතිවරු කී දෙනාද කතා කරන්නේ. එක් එක් අමාත්‍යාංශ යටතේ කරලා තිබෙන සේවාවන් කී දෙනාද කතා කරන්නේ. 19 වැනි සංශෝධනයේ වැදගත්කම කී දෙනාද කතා කරන්නේ. පසුගිය ආණ්ඩුව කරන්න නොදුන්න ඖෂධ පනත අපි පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ රටේ සිදුකළ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෙනස ගැන කවුද කතා කරන්නේ. මේ රටේ මනාප ඡුන්ද ක‍්‍රමය ආරම්භ වූ දවසේ සිට, අශීලාචාර දේශපාලනයක් නිර්මාණය වෙන්න හේතු වූ මනාප ඡුන්ද ක‍්‍රමය අපිට පු`එවන් වුණා අහෝසි කරන්න. ඒ ගැන කී දෙනෙක් කතා කරනවාද.
නමුත් උදේ සිට රාත‍්‍රී වනතෙක් රාජ්‍ය මාධ්‍ය කෙසේ වෙතත් රාජ්‍ය නොවන මාධ්‍යවල ආණ්ඩුවට බණිනවා මිසක් යහපත් දේවල්, කළ දේවල්, කරපු දේවල් ඒවා ගැන කතාවක් නැහැ. අද අපි හො`දට බැණුම් අහනවා පෙට්ට‍්‍රල් ප‍්‍රශ්නයට. මගේ කෑලි ගලවනවා. මට බණින අය හිතාගෙන ඉන්නවා මම තමයි ශෙඞ්වල පෙට්ට‍්‍රල් බෙදන්නේ කියා. රෝහලක වැඩවර්ජනයක් වූ විට මට බනිනවා. හිතාගෙන ඉන්නේ මම තමයි බෙහෙත් දෙන්නේ කියලා. පාසලකට ළමයෙක් දාගන්න බැරි වුණාම ජනාධිපති තමයි වැරදිකාරයා. හිතන්නේ ජනාධිපති තමයි ළමයි දාන්නේ කියලා. මේකට හේතුවක් තියෙනවා. ජනතාවගේ පැත්තෙන් එහෙම හිතන එක, බනින එක හරි. හේතුව කුමක්ද? ජනාධිපතිවරු පුරුදු කරලා තියෙනවා ඒ හැමදේම ජනාධිපතිවරයා විසින් කරලා. එයයි ඇත්ත කතාව. මේ රටේ ජනාධිපතිවරු පෙට්ට‍්‍රල් ශෙඞ්වල තෙල් ගහපු නැති එක විතරයි මම හිතන්නේ නොකළේ. අනිත් ඔක්කෝම කළා. එයයි ඇත්ත තත්ත්වය. අනිත් සියලූ දේම කළා. ඒ නිසා රටේ සාමාන්‍ය ප‍්‍රශ්නයක් ඇති වුණාම මිනිස්සු හිතනවා මේ ජනාධිපති කරන්න ඕන වැඩක්නේ ඒකනේ මේ ප‍්‍රශ්නේ වෙලා තියෙන්නේ. එයා කරලා නැහැ. එයා බලලා නැහැ.
මේ තත්ත්වයන් එක්ක අපි රජයක් විදියට කටයුතු කරනවානම් සම්මුතිවාදී ආණ්ඩුවක් විදියට කටයුතු කරනවානම් අපි ඒ කතා කරන යහපාලනය, සමාජ සාධාරණත්වය, නීතියේ ආධිපත්‍ය ඒ සියල්ල ස`දහා අපි කැපවෙන්න ඕන. වැරදි කරපු ඕනෑම කෙනෙකුට වැරුද්දට විරුද්ධව ක‍්‍රියා කිරීම ද`ඩුවම් කිරීම ඒකට කාටවත් විරුද්ධ වෙන්න බැහැ. එය හරියට ක‍්‍රියාත්මක වෙන්න ඕන. ඒක ක‍්‍රියාත්මක නොවන එක තමයි මටත් ප‍්‍රශ්නේ. පසුගිය කාලසීමාව තුළ ඇමති මණ්ඩලයේදී මම කතා කරපු දේවල් ඇමතිතුමාලා දන්නවා.
මහ බැංකුවේ සිදුවූ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පත්කර තිබෙන ජනාධිපති කොමිෂන් සභාව මම පත්කිරීම පිළිබ`දව ආණ්ඩුවේම ඉතා සු`එ පිරිසක් මට විරුද්ධව දැඩි ලෙස චෝදනා කරනවා. ඉතා සු`එ පිරිසක් ඒ පිළිබ`දව මං ගැන බරපතළ වැරදි විග‍්‍රහයක් කරනවා. ආණ්ඩුවේ ඉතා සු`එ පිරිසක් මට විරුද්ධව ෆෙස්බුක්, වෙබ් සයිට් කැම්පේන් කරනවා. සතිඅන්ත පුවත්පත්වල පිටු ගණන් අල්ලගෙන මුදල් වියදම් කරලා ලියවනවා. ලංකාවෙන් පිට තිබෙන මාධ්‍ය ආයතන අල්ලාගෙන ඒවාට මුදල් ලබාදී වියදම් කරලා ආණ්ඩුවේම සමහර අය අද මට ගහනවා. ඇයි මේ? මහ බැංකුවේ සිද්ධියට ජනාධිපති කොමිසමක් පත්කිරීම. මම මේක සෝභිත හාමුදුරුවන්ගේ ගුණ සමරු වෙලාවේදී කියන්නේ, සෝභිත හාමුදුරුවෝ අද ජීවත්වෙලා සිටියානම් ජීවමානව සිටියානම් උන්වහන්සේ අනුමත කරනවා මම කළේ හරි දේ කියා. අපි මෙතන්නට ආවේ මොනවටද? අපි තිබුණු ආණ්ඩුව වෙනස් කළේ මොනවටද? අපේ අරමුණ කුමක්ද? අපි ආවේ සාක්කු පුරවා ගන්නද? අපි ආවේ හොරකම් කරන්නද? මම ජනාධිපති කොමිසම පත්කෙරුවේ කිසිම ආණ්ඩුවේ පුද්ගලයෙක් ඉලක්ක කරලා නොවෙයි. ආණ්ඩුවේ මැති ඇමතිවරු ඉලක්ක කරලා නෙවෙයි.
මේ ජනාධිපති කොමිසම පත්කරන අවස්ථාව වන විට මහ බැංකුවේ සිද්ධිය සම්බන්ධයෙන් මේ රටේ එදා ඒ වෙලාවේ තිබුණු තත්ත්වය රටේ ජනතාව දන්නවා. මේ ජනාධිපති කොමිෂම පත්කරන අවස්ථාව වන විට මහබැංකුවේ සිද්ධිය සම්බන්ධයෙන් මේ රටේ එදා ඒ වෙලාවේ තිබුණු තත්ත්වය රටේ මහජනතාව දන්නවා. ඒ වෙලාවේ රට තුළ පොදු ජනතාවගේ හ`ඩක් ආවා. දේශපාලන පක්ෂ භේදයකින් තොරව සෑම තැනකින්ම හ`ඩක් ආවා බරපතල ¥ෂණයක් වංචාවක් වෙලා තියෙනවා, මේකට අවශ්‍ය පියවර වහාම ගන්න කියලා. මේකට ජනාධිපති කොමිසමක් පත්කරන්න කියලා. මම ඒ දේ කළා.
2015 ජනවාරි 8 ඡුන්දයෙන් දිනලා 9 වෙනිදා දිව්රුම් දුන්නා. මහබැංකු සිදුවීම වුණේ ආණ්ඩුව හදලා මාස තුනකින්. ආණ්ඩුව හදලා මාස තුනෙන් මේ විනාශය කළා. මේකට වගකිවයුත්තෝ වග කියන්න ඕනෑ. මම තනතුරු වලට ආස මිනිහෙක් නෙවෙයි. මම ආව වගේම යන්න ඉන්න මිනිහෙක්. මම යන්න මිසක් ඉන්න ආ කෙනෙක් නෙවෙයි. හැබැයි මම කරන වැඬේ හරියට කරන්න මට සහයෝගය ඕනෑ. ඒකයි මම කියන්නේ. විජේසූරිය මහත්මයා කියපු නඩුවල තත්ත්වය ගත්විට මට ප‍්‍රසිද්ධියේ කියන්න බැරි දේවල් තියෙනවා. මම මෙතන ඉදගෙන ඉන්න වෙලාවෙත් ඇමතිතුවරුන් සමග ඊයේ පෙරේදා වුණ සිද්ධියක් කිව්වා.
අපි ආවේ ඒ විදියේ ආණ්ඩුවක් කරන්න නම් නොවෙයි. අපි අරමුණ පවිත‍්‍ර චේතනාවෙන් නම් ඒ චේතනාවෙන් ඒ අරමුණු ඉෂ්ට කරගන්න වැඩ කරන්න ඕනෑ. සරත් විජේසූර්ය මහත්මයා කිව්වා වගේ අපට තවමත් කාලය තියෙනවා. වසර තුනක් කරපු හොද වැඩ ජනතාවට කියන්න වගේම වසර තුනක් කරපු සමහර අයගේ වැරදි වැඩ නිවැරදි කරගෙන ආණ්ඩුවක් විදියට ඉදිරියට යන්න අපට තවමත් කාලය තියෙනවා.
බොහෝ ප‍්‍රශ්න වලදී බොහෝ දෙනා කියනවා ඇයි ජනාධිපතිතුමාට මේක කරන්න බැරිද කියලා. ජනාධිපතිතුමාට කරන්න පු`එවන්නේ ඇයි කරන්නේ නැත්තේ කියලා කියනවා. නමුත් සම්මුතිවාදී ආණ්ඩුවක තිබිය යුතු එක`ගතාවයන් හා සම්බන්ධතාවය ශක්තිමත් කර ගැනීම අවශ්‍යයි. මේ රටේ මහජනතාව, නීති විශාරදයෝ කිසි කෙනෙක් මේ අත්දැකීම් මීට පෙර වි`දලා නැහැ. මේක අලූත් අත්දැකීමක්. මේ ගැන උගන්වන්න කාටවත් බැහැ. අද තිබෙන සම්මුතිවාදී ආණ්ඩුව කරගෙන යන විදිය පිළිබ`දව අපිට උගන්වන්න කවුරුත් නෑනේ. එහෙම එකක් මීට පෙර මේ රටේ නැහැ. මම දන්න විදියට ලෝකයේත් නැහැ. ජර්මනිය වගේ රටක ආණ්ඩුවයි විපක්ෂයයි එකතුවෙලා ආණ්ඩුව කරගෙන යනවා.
නමුත් අපේ තිබෙන විශේෂත්වය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා තමයි එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පක්ෂ පොදු අපේක්ෂකයා විදියට තෝරා ගත්තේ. මේ ප‍්‍රශ්න හරි සංකීර්ණයි. වසර 60 ක් 64 ක් ගහගත්ත පක්ෂ දෙක තමයි. මම කෙරෙහි විශ්වාසයක් තියලා මාව පොදු අපේක්ෂකයා කරලා ජනාධිපතිවරයා විදියට පත්කරගත්තානේ. ඒ විශ්වාසය එක්ක සියලූදෙනා වැඩකරන්න ඕනෑ. ඒ සාමූහිකත්වය තියෙන්නට ඕනෑ. වැරදි නම් වැරදි දේ කවුරු කළත් වැරදියි. වැරදි කරන සියලූදෙනාට විරුද්ධව ආණ්ඩුවෙ ද විපක්ෂයෙ ද කොහෙද කොතන ද ඕනෑ කෙනෙක්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක වෙන්න ඕනෑ. නීතිය ක‍්‍රියාත්මක නොවීමේ ප‍්‍රශ්නයි මේ විජේසූරිය මහත්මයා කිව්වේ. විජේසූරිය මහත්මයා ඒ කතාව කියනකොට මම ඉතාම සංතෝෂයෙන් අහගෙන හිටියේ ඒ කතාව.
මාදු`එවාවේ සෝභිත ස්වාමීන් වහන්සේට අප කරන ඉහළම ගෞරවය තමයි උන්වහන්සේගේ ගුණ සමරුවේදී උන් වහන්සේ බලාපොරොත්තු වූ දැක්ම සමාජයමය වශයෙන් ඉටුකිරීම සදහන් කරලා විජේසූරිය මහත්මයාගේ කතාවේ යෝජනා 10 පිළිබ`දව අර පොතේ තියෙනවා. ඒ යෝජනා 10 ඒ විදියටම ක‍්‍රියාත්මක වෙන්න ඕනෑ.
මේ රටේ ජනතාව මා කෙරේ විශ්වාසය තබලා මාව තෝරා ගත්තා. විපක්ෂයෙන් මට ගහන ඒවාට මට මුහුණ දෙන්න පු`එවන්. ආණ්ඩුවෙන් ගහන ඒවාටත් මට මුහුණ දෙන්න පු`එවන්. ආණ්ඩුවේ කොටසකට මම මේ කියන්නේ. ආණ්ඩුවේ කොටසක් මට ගහන්නේ සෝභිත ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වූ අරමුණ ඉෂ්ට කරන්නට යන නිසයි. මම ඒක පැහැදිලිව කියන්නට ඕනෑ.
ඒ නිසා මේ සියලූ දේ එක්ක අපේ ප‍්‍රතිපත්තිය, යුතුකම විය යුත්තේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් උන් වහන්සේ බලාපොරොත්තු වූ සාධාරණ සමාජයක් උදෙසා වූ ඒ සියල්ල ඉටුකිරීමයි. ඒ ස`දහා අපි කැපවෙමුයි කියන ඉල්ලීම කරමින් මා නිහඩ වනවා.
ස්තුතියි.!

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.