ගීතා ඇතුලෙද? එළියේද? රටම බලාසිටින තීරණාත්මක තීන්දුව අද

ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසට කටයුතු කිරීමට සුදුසුකම් නොලබන බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචන පෙත්සමේ තීන්දුව අද දින (2) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
මෙම පෙත්සම විභාගයට ගත් පංච පුද්ගලික විනිසුරු මඩුල්ලේ සාමාජිකයකු වන විනිසුරු සිසිර ද ආබෲ විසින් මෙම තීන්දුව අද (02) උදෑසන ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.
ද්විත්ව පුරවැසි භාවය හොබවන බැවින් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිණි ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසට කටයුතු කිරීමට සුදුසුකම් නොලබන බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් ගීතා කුමාරසිංහ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචන පෙත්සමක් ගොනු කර තිබුණා .
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තියට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි ගීතා කුමාරසිංහ මන්ත්‍රි ධූරයක් දැරිමට සුදුසුකම් නොලබන බවට අභියාචනාධිකරණය තීන්දු කළා.
Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.