ඡන්දයට එක්‌වෙන්න අයවැය පරදවන්න – ඒකාබද්ධයෙන් ඉල්ලීමක්

පළාත් පාලන ඡන්දයට එක්‌ව තරග කිරීමට නම් ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්‌ඩායම දෙසැම්බර් 09 දා අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කර සිය අවංකභාවය පෙන්විය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (28 දා) තීරණය කර ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක පැවැති රැස්‌වීමේදී මෙම තීන්දුවට එළැඹි බව කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේය.
ශ්‍රීලනිප කණ්‌ඩායම ආණ්‌ඩුවෙන් ඉවත් වෙන්න ඕනේ. ඒ සඳහා ඔවුන් කළ යුත්තේ අයවැය පරාජය කිරීමට කටයුතු කිරීමයි. මේ 09 වැනිදා අයවැය අවසන් වර ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කරලා ශ්‍රීලනිප මන්ත්‍රීවරු තමන්ගේ අංවකභාවය පෙන්විය යුතුයි. ඉන් පස්‌සේ පළාත් පාලන මැතිවරණයට අපිට එකට එකතුවෙලා තරග කරන්න පුළුවන් යෑයි ගාමිණී ලොකුගේ මහතා පැවසුවේය.
ඒගොල්ලන් ආණ්‌ඩුවෙන් ඉවත් වෙන්නේ නැත්නම් අපි පොහොට්‌ටුවෙන් තරග කරනවා. දැනටමත් අපි අපේක්‍ෂකයන් තෝරාගෙන ඉවරයි. ආණ්‌ඩුවේ ඉන්න කල් අපි එයාලා එක්‌ක එකතු වෙන්නේ නැතැයි කළුතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද එම සාකච්ඡාව අවසන්ව පැමිණ මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේය.
මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී එළැඹි තීරණය දෙපාර්ශ්වය එක්‌කිරීම සඳහා පත්කළ කමිටුවේ ඒකාබද්ධ විපක්‍ෂ සාමාජිකයන් වන පවිත්‍රා වන්නිආරච්චි, සී. බී. රත්නායක සහ මහින්ද යාපා අබේවර්ධන යන නියෝsජිතයන් විසින් ශ්‍රීලනිප කමිටු සාමාජිකයන්ට දැනුම් දීමට එකඟ වී ඇත.
ඒ අනුව ශ්‍රීලනිප සාමාජිකයන් වන නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් සමඟ ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයන් තිදෙනා ඊයේ (28 දා) රාත්‍රියේ යළි සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.