ජනපති නිවාස අඩස්සියට: හමුදාව රටේ පාලනය නතු කරගනී

සිම්බාබ්වේ රාජ්‍යය තුළ කඩිනමින් සාමය ස්ථාපිත කරන්නැයි අප්‍රිකානු සංගමය අවධාරණය කරයි
සිම්බාබ්වේ රාජ්‍යය තුළ වහාම ව්‍යවස්ථානුකූලව නීතිය හා සාමය ස්ථාපිත කරන ලෙසට අප්‍රිකානූ සංගමය අවධාරණය කර තිබේ.
අප්‍රිකානූ සංගමය පැවසූවේ, මේ වන විට සිම්බාබ්වේ රාජ්‍ය හා ජනපති රොබට් මුගාබේ හමුදා පාලනය යටතට පත් ව ඇති බව ය.
සිම්බාබ්වේ රාජ්‍යයේ නීත්‍යානුකූල ආයතන වෙත අප්‍රිකානු සංගමයේ පූර්ණ සහය හිමිවන බව එම සංගමයේ සභාපති, ගිනියා ජනාධිපති ඇල්පා කොන්ඩේ ප්‍රකාශ කළේ ය.
කෙසේ වෙතත් සිම්බාබ්වේ හමුදාව තවදුරටත් පැවසූවේ, මෙය හමුදා කුමන්ත්‍රණයක් නොවන බවයි.
එය මුගාබේ වටා සිටින අපරාධකරුවන්ට එරෙහි ක්‍රියාමාර්ගයක් බව හමුදාව ප්‍රකාශ කළේ ය.
විචාරකයින් පෙන්වා දෙන්නේ, අප්‍රිකානූ සංගමයෙන් එල්ල විය හැකි බලපෑම් අවම කර ගැනීම සඳහා හමුදාව මෙය හමුදා කුමන්ත්‍රණයක් බවට වන ප්‍රකාශ ප්‍රතික්ශේප කරන බවයි.
2013 සිදු වූ හමුදා කුමන්ත්‍රණය හේතුවෙන් ඊජිප්තුවට අප්‍රිකානූ සංගමයේ සාමාජිකත්වය අහිමි විය.
මේ අතර හමුදා ක්‍රියාමාර්ගය පිළිබඳ හරාරේ වැසියන් තුළ දැඩි ප්‍රතිරෝධයක් නොමැතිවීම ද විශේෂත්වයකි.
 

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.