තෙල් පෝලිම් අවසන් වෙන ලකුණු : පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40000ක් රැගත් නෞකාවක් පැමිණේ

පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40000ක් රැගත් නෞකාව අද රාත්‍රියේ දිවයිනට සේන්දු වීමට නියමිතව තිබේ.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, එය දිවයිනට පැමිණි පසු ඉන්ධන ගැටලුව සම්පූර්ණයෙන් ම විසිඳෙනු ඇති බව ය.
ලබන 11 වන දා ඉන්ධන රැගත් තවත් නෞකාවක් දිවයිනට සේන්දු වීමට නියමිත ය.
ඉන් රැගෙන එනු ලබන ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික්ටොන් 15000කි.
උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, නෞකා දෙකෙන්ම රැගෙන එන ඉන්ධන තොග දින 20කට ප්‍රමාණවත් බව ය.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබිණි.
ඉන්ධන හිඟය මගහැරෙන තෙක් වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන්නැයි ආණ්ඩුව නියෝගයක් නිකුත් කර තිබුණ ද පසුව එය ඉවත් කෙරිණි.
පෙට්‍රල් අර්බුදය කළමනාකරණය කිරීම හා ඊට හේතුවූ කරුණු පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිතුමා ඊයේ කැබිනට් අනු කමිටුවක් ද පත් කළේ ය.
ඒ අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, ආචාර්ය සරත් අමුණුගම සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.